බංග්ලාදේශයේ ජමිට් ඉස්ලාම් පක්ෂ නායකයන් යුද අපරාධවලට වරදකරුවන් බව
තීන්දුවීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩත්ව රැල්ලෙන් මේ වනවිට 81 දෙනකුට ජිවිත අහිමිව
තිබෙන අතර පෙරේදා විරෝධතා කරුවන් එල්ල කළ පෙට්‍රෝල් බෝම්බයක් ඉන්දීය ජනාධිපති
රැඳී සිටි හෝටලය අබියස පුපුරාගොස් තිබේ.
ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි නැවතී සිටි සොනාගාඕන් පෑන් පැසිෆික්
හෝටලය අබියස පුපුරා ගිය මේ බෝම්බයෙන් කිසිවකුටත් හානියක් සිදුව නැති බව
පොලිසිය හා හෝටල් සේවකයන් විසින් ප්‍රකාශ කර තිබේ.
සුළු පිපිරීමක් ලෙස මුකර්ජිගේ කාර්යාලයෙන් හඳුන්වන ලද මේ බෝම්බය ගමන් කරමින්
තිබුණු වාහනයකින් විසිකරන ලද්දක් යැයි අනුමාන කරන බව පොලීසිය කියා ඇත.
බංග්ලාදේශ යුද අපරාධ අධිකරණයක් මගින් ජමාට් ඉස්ලාම් පක්ෂ නායකයින් යුද
අපරාධ සිදුකර ඇති බව තහවුරු කරමින් ඔවුන්ට දඬුවම්
නියම කිරීමෙන්ජනවාරි 21 දා ආරම්භ කළ ප්‍රචණ්ඩ රැල්ල නිසා පෙරේදා තවත්
සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණ.
මෙතෙක් උද්ඝෝෂණවලදී ජීවිතක්ෂයට පත්ව ඇති 81 දෙනාගෙන් 65 දෙනකුම මියගොස්
ඇත්තේඉකුත් බ්‍රහස්පතින්දා ජමාට් ඉස්ලාම් පක්ෂ උපසභාපති ඩෙලිවර් හුසේන්
සයිදි එල්ලා මරා දැමීමට නියම කිරීමෙන් පසුය.
1971 බංග්ලාදේශ නිදහස් සටනේදී පාකිස්තාන හමුදා හා පාකිස්තාන හිතවාදින් සමග
එක්ව අපරාධ කළ බවට ජමාට් ඉ ඉස්ලාම් පක්ෂයට එරෙහිව නැගී ඇති චෝදනා මත යුද අපරාධ
අධිකරණයක් මගින් විමර්ශනයන් සිදුකෙරෙමින් පවති.
පැන නැගී ඇති විරෝධතා රැල්ල එරට ආර්ථිකයටද අහිතකර ලෙස බලපා ඇතැයි පැවසේ.
ජමාට් පක්ෂය ඉකුත් ඉරිදා පටන් දෙදින මහ වැඩ වර්ජනයක් කැඳවා තිබුනු අතර පෙරේදා
දිනයේද පාසල් කාර්යාල කඩසාප්පු සියල්ල වැසී ගොස් තිබී ඇත.
මහා මාර්ග පාළුවට ගොස් තිබුණු බවද පැවසේ.
උතුරු බොග්රා දිස්ත්‍රික්කයේ ජමාට් ආධා කරුවන් 10000 ක් පමණ පොලු මුගුරු කැති හා
ගෘහස්ත නිෂ්පාදිත බෝම්බවලින් සන්නද්ධව පොලිස් ස්ථාන12 කට පමණ පහරදී ඉන් 4 කට
හා රජයේ කාර්යාල 2 කට ගිනතබා ඇතැයි පොලීසිය කීවේය. එක් දිස්ත්‍රික්කයකදී
උද්ඝෝෂකයන් විසින් පහරදීමෙන්පොලිස් භටයකු මියගොස් තිබේ.
ප්‍රහාරකයින්
පැය දෙකක පමණ කාලයක් පොලිසි වටකොට සිටීම නිසා වෙඩිතැබීම හැර අන් විකල්පයක්
නොවූ බව පොලිසිය කියා තිබේ.
ජමාට් පක්ෂය පවසන්නේ මේ යුද අපරාධ නඩු විභාගය යුක්තිය පසිඳිලීමක් නොව තරහ මරහ
පිරිමසාගැන්මක් බවය.
මේ අතර මරණයට නියමව ඇති සයිදි ගේ මුහුණ සඳමත දැක්වෙන බවත් එය ඔහුගේ
අහිංසකත්වය තහවුරුකරන්නක් බවත් පැවසෙන දූෂමාණ ආරංචියක්පැතිර යාමත්
සමග එය ගම්මුන් පොලිසියට එරෙහිව උසිගැන්වීමට යොදාගෙන ඇතැයි පැවසේ.
0 comments:
Post a Comment