ලබන 18 වැනිදා විවෘත වීමට නියමිත මත්තල මහින්ද රාජපක්‍ෂ
ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෝකයේ නවීනතම පහසුකම්වලින් සමන්විත
අංගසම්පූර්ණ ගුවන් තොටුපළක් බවත්, දැනට ලෝකයේ තිබෙන ඕනෑම
විශාල ප්‍රමාණයක ගුවන් යානයක් වුවද මෙහි කිසිදු අපහසුවකින්
තොරව ගොඩ බැස්‌සවීමට හැකි බවත් ගුවන් සේවා සමාගමේ සභාපති
ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කරයි.
ඉකුත් 11 වැනිදා මෙරට මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ මත්තල ගුවන් තොටුපළේ සංචාරයක නිරත වූ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ හමුවකදී සභාපතිවරයා මේ බව පැවැසීය.
මෙම ගුවන්තොටුපළ විවෘත වීමෙන් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දමන බවට පතුරුවා තිබෙන රාවය සම්පූර්ණ අසත්‍යයක් බව ද සභාපතිවරයා කීය.
"ඇත්තටම මේ ගුවන් තොටුපළ අපේ රටට ආශිර්වාදයක්. සංචාරක, ආර්ථික වැනි ක්‍ෂේත්‍රවල මෙන්ම අපගේ සමාජ සංස්‌කෘතික සබඳතාවල ද විප්ලවීය වෙනසක් මෙම ගුවන්තොටුපළ ජනතා අයිතියට පැවරීමෙන් පසු සිදුවන බව නිසැක යෑයි ද ඒ මහතා කීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, මහාචාර්ය ආරියරත්න ඇතුගල මෙන්ම ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද මෙම මාධ්‍ය චාරිකාවට එක්‌ව සිටියහ.

0 comments:
Post a Comment