Photobucket

Friday, March 8, 2013

නුවරගල-සිරිපුර පාරේ ඊයේ උද්ඝෝෂණයක්‌..

සිරිපුර සිට නුවරගල මාර්ගයේ පහළ යක්‌කුරේ සහ ඉහළ යක්‌කුරේ ඇතුළු ගම්මාන පහළොවක පමණ ජනතාව ගමනාගමනය සඳහා යොදාගන්නා මාර්ගය පිළිසකර නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් එම ප්‍රදේශවාසීහු (7 වැනිදා) උද්ඝෝෂණයක නිරත වූහ. මෙම අවස්‌ථාවේදී මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා ඇතිවිය. මෙම මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ දේශපාලනඥයන්ගෙන් කිහිප වරක්‌ ඉල්ලා සිටියත් කිසිදු සහනයක්‌ සැලසී නැති බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රසන්න සිල්වා - දිඹුලාගල, රණතුංග - දෙහිඅත්තකණ්‌ඩිය

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව මීට පෙරත් දෙවරක්‌ උද්ඝෝෂණවල නිරත වී තිබේ.

නුවරගල ජනතා අයිතීන් සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය මෙහෙයවූ මෙම උද්ඝෝෂණයට නුවරගල හා සිරිපුර අවට ගම්මානවල දහසකට ආසන්න ජනතාව එක්‌ව සිටියහ.

මෙම මාර්ගය කිලෝමීටර් පහළොවක පමණ (15) දිගින් යුක්‌තය. මෑතකදී පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් පිරිසක්‌ විසින් කිලෝමීටර් එකහමාරක පමණ දුරක්‌ මාර්ගය පිළිසකර කළත් ගමනාගමන පහසුව ඉන් නිසි පරිදි සලසාගත නොහැකි යෑයි ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all