ශ්‍රී ලංකාවාසීන්ට අලුතෙන් හඳුන්වාදීමට නියමිත විද්‍යුත් ජාතික හැඳුනුම්පත
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙත මුලින්ම නිකුත්
කිරීමට සියලු කටයුතු සූදානම් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ
දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ආර්. එම්. එස්. සරත් කුමාර මහතා
දිනමිණට පැවසීය.
මේ කටයුත්ත සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් 800ක් බඳවා
ගැනීමට නියමිතය. එම පිරිස බඳවා ගැනිමේ මූලික කටයුතු අවසන් බව හෙතෙම සඳහන්
කරයි. විද්‍යුත් ජාතික හැඳුනුම්පත් සැකසීම සඳහා සැලසුම්කර ඇති වැඩපිළිවෙළ
අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක් ආවරණය වන පරිදි ඒකක 332ක් පිහිටුවයි.
මේ
අනුව පරිගණක ගත කරන දත්ත හේතුවෙන් මීට පෙර වූ විවිධ අතපසුවීම් හා වැරදි
මගහරවා ගැනීමට හැකි වෙයි. එකම අංකයකින් දෙදෙනෙකුට ජාතික හැඳුනුම්පත්
සැකසීම වැනි අතපසුවීම් පසුගිය කාලයේ සිදුවූ අතර එවැනි අඩුපාඩු විද්‍යුත්
ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් ඇති නොවන බව සරත් කුමාර මහතා පෙන්වා දෙයි.
0 comments:
Post a Comment