කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා
මේ මස 8 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම
මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු හේශාන්තද මෙල් මහතා
විසින් (06 වැනිදා) නියෝග කරන ලදී.
පසුගිය පෙබරවාරි 7 වැනිදා සාලියවැව නගරයේදී 17 හැවිරිදි තරුණයකුට පහරදීම සම්බන්ධයෙන් සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබිණි. එහෙත් ඒ මහතා සාලියවැව පොලිසියේ පෙනී නොසිටි බැවින් ඒ පිළිබඳව පොලිසිය උසාවියට කරුණු වාර්තා කර තිබිණි. එම කරුණු සැලකිල්ලටගත් පුත්තලම මහෙස්‌ත්‍රාත් අධිකරණය ඒ මහතාට නොතීසි නිකුත්කර තිබිණි.
ඒ අනුව සභාපතිවරයා නීතිඥයන් 4 දෙනකු මාර්ගයෙන් (6දා) උසාවියට භාරවූ අතර එම අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කළේය.

0 comments:
Post a Comment