Photobucket

Monday, February 18, 2013

EPF සියයට තිහ අප්‍රේල් මාසයේ සිට

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු මුදලින් සියයට තිහක්‌ සේවකයින් වෙත ලබාදීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදුකිරීමට කම්කරු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම මුදල් ලබා ගැනීමේදී පරිගණක ඇඟිලි සටහන් අනුව සේවකයා ලියාපදිංචිවීම කම්කරු අමාත්‍යාංශය මගින් අනිවාර්ය කර තිබේ.

මේ වනවිට අරමුදලේ ලියාපදිංචිවී සිටින පැරණි සාමාජිකයන් පරිගණක ඇඟිsලි සටහන් අනුව ලියාපදිංචිවී නොමැති නම් ඒ අයට කොළඹ ප්‍ර්‍රධාන කාර්යාලයේ හා දිස්‌ත්‍රික්‌ කම්කරු කාර්යාලයේ ලියාපදිංචිවිය හැකි බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් සියයට තිහක්‌ සේවකයාට ලබාදීම සඳහා වන සියලු කටයුතු මේ වන විට අවසන් වෙමින් තිබෙන අතර ඉදිරියේදී ඒ සඳහා කැබිනට්‌ අනුමැතිය ලබා ගන්නා බව කම්කරු ඇමැති ගාමිණි ලොකුගේ මහතා zzදිවයින ඉරිදා සංග්‍රහයZZට පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all