පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක්‌වූ නීති ප්‍රවේශ විභාග
ප්‍රශ්නපත්‍රවල කිසිදු දොaෂයක් නොමැති බවට අපරාධ පරීක්‍ෂණ
දෙපාර්තමේන්තු පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබියදීත් සිසුන් බඳවා
ගැනිමේ කඩඉම් ලකුණු පහළ දැමූයේ ඇයි ද යන්න පිළිබඳව නීති සිසුන්
අතර දැඩි කතාබහට ලක්‌ව තිබේ.
විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නීති ප්‍රවේශ
ප්‍රශ්නපත්‍රවල පරිවර්තන දෝෂ හෝ ප්‍රශ්නවලට අදාළ ගැටලු හෝ
නොමැති බවටත් විභාගයේදී කොපි කිරීම් සිදුව නොමැති බවටත් අපරාධ
පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පරීක්‍ෂණයෙන් හෙළි වී තිබෙන බව එම
දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
බඳවා ගැනීමේ කඩඉම් ලකුණු 65 සිට 63 දක්‌වා අඩු කිරීමට නීති අධ්‍යාපන සභාව තීරණය කළේ මෙවැනි තත්ත්වයකදීය. වැඩිම ලකුණු ලබා සිටි අයෑදුම්කරුවන් 309 දෙනාගේ උත්තර පත්‍ර යළි සමීක්‍ෂණය කරන ලෙස නීති අධ්‍යාපන සභාව විභාග දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමට අනුව ද උත්තර පත්‍ර යළි සමීක්‍ෂණය කළ ද එහි ද කිසිදු ගැටලුවක් නොතිබිණි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්. ඩී. රුද්‍රිගු මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්‌ම ගත් උත්සාහය අසාර්ථක විය.

0 comments:
Post a Comment