නවදිල්ලි දකුණු ආසියා ක්‍රීඩා උලෙළ ඉලක්ක කරගෙන පවත්වාගෙන ගිය මලල ක්‍රීඩා
සංචිතය විසුරුවා චෙන්නයි ආසියානු ශූරතාවලිය වෙනුවෙන් නව සංචිතයක් නම් කොට
ඇත.
මේ නව සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39ක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මලල
ක්‍රීඩා සංගමය කටයුතු කර තිබේ. කලින් පවත්වාගෙන ගිය දකුණු ආසියා ක්‍රීඩා උලෙළේ
මලල ක්‍රීඩා සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 86ක් ඇතුළත්ව තිබුණි. නවදිල්ලි
නුවරදී පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උලෙළ ඉන්දීය ඔලිම්පික් කමිටු
අර්බුදය හමුවේ දිගින් දිගටම කල් යෑම හේතුවෙන් එයට අදාල මලල ක්‍රීඩා සංචිතය
විසුරුවා හැරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබුණි.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු මසයේ චෙන්නායි හී පැවැත්වෙන අතර ශ්‍රී
ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තේරීම් පරීක්ෂණය අප්‍රේල් 4-5 දිනවලදී
පැවැත්වීමට නියමිතය. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15කගේ සංචිතයක් බොහෝ දුරට
තෝරා ගනු ඇතැයි මලල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයෙකු ‘දිනමිණ'ට පැවැසීය. ශ්‍රී
ලංකා දේශගුණයට ඉතා සමීප ඉන්දියාවේ චෙන්නායි හි මේ තරගාවලිය පැවැත්වෙන
හෙයින් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක වනු ඇතැයි මලල ක්‍රීඩා ප්‍රකාශකයා
වැඩිදුරටත් පැවැසීය.
අවසන් වරට ජපානයේ කෝබේහිදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී
ලංකාවෙන් 11කගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගීවු අතර රිදී පදක්කමක් හා
ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාව සතුවිය.
චන්ද්‍රිකා සභාෂිනී මීටර් 400 ඉසව්ව තත්පර 53.35කින් රිදී පදක්කම, ක්‍රිස්ටීන්
මෙරිල් මීටර් 400 කඩුලු පැනීම තත්පර 57.30කින් ලෝකඩ පදක්කම හා චමින්ද විජේකෝන්
මීටර් 1500 විනාඩි 3:44.01කින් ලෝකඩ පදක්කම දිනා ගත්හ.
විසුරුවා හරින ලද දකුණු ආසියා මලල ක්‍රීඩා සංචිතය ක්‍රීඩා උලෙළට දින නියමවු
වහාම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරයි.
0 comments:
Post a Comment