Photobucket

Monday, February 18, 2013

නිවසක අභිරහස් පිපිරුමක් ගින්නට තරුණයෙක් පිළිස්සෙයි

හලාවත - තිඹිල්ල ප්‍රදේශයේ නිවසක් තුළ කිසියම් පිපිරීමක් සිදුවී ඇති බව හලාවත පොලීසිය කියයි.  (18) පෙරවරුවේ මෙම පිපිරීම සිදුවී ඇත. පිපිරීමත් සමගම ඇතිවූ ගින්නට අසුවීමෙන් පිළිස්සුම් තුවාල ලැබු බව කියන උඩප්පුවේ පදිංචි මානික්කරාජා කුමාර් (28) යන හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 

මෙම පිපිරීම කවර ආකාරයේ එකක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.මෙම නිවස හිමිකරුවන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පිපිරීම සිදුවන විට නිවසේ සිට ඇත්තේ තුවාල ලබා රෝහල්ගත කර සිටින තරුණයා පමණක් බවත් පොලීසිය කියයි. හලාවත පොලීසිය වැඩදුර පරීක්ෂණ කරගෙන යයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all