සිය පෙම්වතිය වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාවට හසුවූ පැරාලිම්පික් ශූර ඔස්කාර්
පිස්ටෝරියස් හඳුනා ගැනීම සඳහා පළමුවරට උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ දී
තමාට එල්ලවූ චෝදනා ඔහු හඬා වැටෙමින් ප්‍රතික්ෂේප කළේය.
එදින ඔහුට ඇප නියමවීමේ අවස්ථාවක් තිබුණත් ඒ සඳහා පොලිසිය විරුද්ධත්වය
ප්‍රකාශ කිරීමේ හේතුවෙන් ඇප ලබාදීම හෙට දක්වා කල් තැබීමට විනිසුරුවරයා
තීරණය කළේය.
පිස්ටෝරියස්ගේ නඩු තීන්දුවට පෙර වාර කීපයක්ම නඩු විභාගය පැවැත්විමට
නියමිතය. දකුණු අප්‍රිකාවේ උසාවි ක්‍රමයේ ජූරි සභාවක් නොමැති අතර චුදිතයා
වැරැදිකරු හෝ නිවැරැදිකරු බවට තීරණය කරනු ලබන්නේ විනිසුරුවරයා විසිනි.
ඇතැම්විට ඒ සඳහා උපදේශකවරුන් දෙදෙනකුගේ සහාය ලබා ගනී.
මේ අතර
පිස්ටෝරියස්ට පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනා එල්ලවීමෙන් තමා විමතියට හා
කම්පනයට පත්වූ බව ලෝක කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් ප්‍රකාශ කළේය. බාස්කට්බෝල්
තරගයක් අතරතුර පැවැති සම්මුඛ සාකච්ඡාවක දී බෝල්ට් කියා සිටියේ තමාට තවමත්
මෙය විශ්වාස කළ නොහැකි සිදුවීමක් බවය. පිස්ටෝරියස් ගැන වැඩිපුර නොදන්නා නමුත්
ඔහු අවස්ථා කීපයකදීම තමා සමග කතාබහ කර ඇතැයි බෝල්ට් සඳහන් කළේය.
පිස්ටෝරියස්ගේ පවුලේ සාමාජිකයකු පැවැසුවේ පිස්ටෝරියස් මේ සිදුවීමෙන්
බලවත් කම්පනයටත්, ශෝකයටත් පත්වී සිටින බවය.
එමෙන්ම පිස්ටෝරියස් සිය පෙම්වතිය වෙඩිතබා ඝාතනය කිරීම ඔහුගේ පවුලේ
සාමාජිකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් වාර්තා වේ.
ජීවිතාන්තය දක්වා දඬුවම් පැනවීමේ වරදක් වන මිනිමැරුම් චෝදනාවෙන්
පිස්ටෝරියස් බේරාගැනීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉදිරිපත් වී සිටිති.
0 comments:
Post a Comment