හේනේ
බඩඉරිඟු අස්‌වනු නෙළමින් සිටි මීගහකිවුල බලගොල්ල
දුම්වැටිකඳුර ප්‍රදේශයේ ගොවි මහතකු දිවියකු සපාකෑමෙන්
බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල මහ
රෝහලටත් ඇතුළත් කර තිබේ.

දිගින් අඩි අටක් පමණ හා උස අඩි හතරක් පමණ වූ මෙම සතා පූසකුගේ බඳු හැඩයකින් යුත් බවත් ඇඟ පුරා මල් මල් වයිරම් වැටී තිබූ බවත් තුවාලකරු පවසයි. තමන් මුහුණ දුන් එA බිහිසුණු අත්දැකීම "දිවයින"ට විස්‌තර කළ බාල මහත්තයා මෙසේ කීය.
සෙනසුරාදා උදේම මායි තාත්තයි නෝනයි හේනට ගියේ ඉරිඟු ටික කඩන්න. හේන තිබුණෙ ලොග්ගල්ල ඔය ළඟ. අපි ඉරිඟු කඩ කඩා හිටිය. නෝනත් හිටියෙ මගෙ ළඟමයි. අපි හිටපු තැනට ටිකක් දුරින් තාත්තත් හිටියා. එකපාරටම එතන තිබුණු කෙසෙල් පඳුර අස්‌සෙන් ගර්.... ගාල මහ හයියෙන් ගොරවන සද්දයක් ඇහුණා. මම හිතුවෙ ඌරෙක් කියලයි. මම කීවා ඔන්න ඌරෙක් අයින්වෙන්න කියල. එතකොටම කෙසෙල් පඳුර අස්‌සෙ හිටිය දිවියා මගේ ඇඟට පැනල මා පෙරළාගෙන මාව බදාගත්තා. මම හයියෙන් කෑගැහුවා. එතකොටම ඌ මාව අතහැරල දිව්ව. මම ඇගෙන් ලේ ගලද්දිම එතන තිබ්බ මුරුංග ගහට නැංගා. මට මතක එච්චරයි.
එම සිද්ධිය සියෑසින් දුටු ඔහුගේ බිරිඳ ඩී. එම්. රත්නකාන්ති මෙසේ කීවාය.
අපි ඉරිඟු කඩ කඩා හිටියෙ. මහත්තය හිටියේ මට අඩි 3-4 ක් ඈතින්. එක පාරටම ගොර්.... ගාල ගොරවන සද්ධයක් ඇහිල මම මහත්තයාගෙන් ඇහුව මොකෙක්‌ද ගොරවන්නේ කියලා. එතකොට ඌරෙක්... ඌරෙක් අයින් වෙන්න කියලා මහත්තයා කෑගැහුවා. එතකොටම මම එහාට වුණා. මහත්තය අනිත් පැත්තට පැන්නා. එAත් එA එක්‌කම ආව දිවියා මහත්තය පෙරළගෙන හිරකර ගත්තා. දිවියා තාත්තගෙත් ඇඟේ හැප්පීගෙන වගේ පැනල දිව්වා.
සිද්ධිය සැලවීමත් සමගම එහි පැමිණි කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පරීක්‍ෂණ ආරම්භ කළ අතර එA පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ද පියවර ගෙන ඇත.
0 comments:
Post a Comment