Photobucket

Monday, February 18, 2013

සන්ඩේ ලීඩර් මාධ්‍යවේදියාට වෙඩි තැබීම අට දෙනකුගෙන් ප්‍රශ්න කරයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදී අස්‌ගර් µරාස්‌ සවුකට්‌ලි මහතාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම පිළිබඳව  (17 වැනිදා) දහවල් වන විට අට දෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත.

15 වැනිදා රාත්‍රි 11.30 ට පමණ ගල්කිස්‌ස හෝටල් පාර බාන්ස්‌ පෙදෙසේ පිහිටි හෝටලයක්‌ තුළදී අස්‌ගර් µරාස්‌ මහතා වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ අතර ඔහු මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

වෘත්තීමය ගැටලුවක්‌ හෝ පෞද්ගලික හේතුවක්‌ මත වෙඩි තැබීම සිදුවී ඇතිදැයි යන්න (17 වැනිදා) වන විටත් හෙළිවී නොතිබිණි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්‌ස පොලිසියට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සිට පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all