යුද්ධයෙන් පසු. ගතවූ වසර කීපය තුළ ශ්‍රී ලංකාවේ සිදුකර ඇති
ප්‍රතිසන්ධාන හා සංවර්ධන කටයුතු ඉහළ මට්‌ටමක ඇතැයි මෙරට
සංචාරයක නිරතව සිටින වියට්‌නාමයේ නියෝජ්‍ය කථානායිකා
ලගුයෙන් ටීකිම් නාහන් මහත්මිය (26) ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා හමුවූ අවස්‌ථාවේ මෙරට ප්‍රතිසන්ධාන කටයුතු අගය කළ වියට්‌නාමයේ නියෝජ්‍ය කථානායකවරිය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේදී තම රටෙහි පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කීවාය.
ආසියානු කලාපීය හා අනෙකුත් රටවල් සමඟ සසදා බැලීමේදි ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසුව ඉහළ සංවර්ධනයක් ලබා ඇතැයි පැවසූ ඇය දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා වියට්‌නාමයට පැමිණ ආයෝජනය කරන ලෙස ශ්‍රී ලාංකීය ආයෝජකයන්ට ආරාධනා කළාය.

0 comments:
Post a Comment