Photobucket

Wednesday, February 27, 2013

බාස්‌මතී සහල් කිලෝ 25000 ක්‌ පිටකොටුවේදී අත්අඩංගුවට

පිටකොටුව පරණ යොන් වීදියේ ගබඩාවක ගබඩා කර තිබූ පරිභෝජනයට නුසුදුසු බාස්‌මතී සහල් කිලෝ ග්‍රෑම් 25,000 ක්‌ අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරිය (26 වැනිදා) සමත්වී ඇත.

ඉන්දියාවෙන් ආනයනය කර තිබූ එම සහල්වල වෙළෙඳපල වටිනාකම රුපියල් ලක්‍ෂ 40 කට අධික බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම සහල් තොගවල කල් ඉකුත් වීමේ දිනය ව්‍යාජ ලෙස වෙනස්‌කර තිබී ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශය එම වැටලීම සිදුකර ඇත.

පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩා කර තැබූ එම ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all