මිනිස් ආහාරයට නුසුදුසු බවට නිර්දේශ කර විනාශ කර දැමීමට
නියමිතව තිබූ ආනයනික මැකරෝනි තොගයක් කොළඹ වරායෙන් පිට
කිරීමට ගත් උත්සාහයක් වරාය රේගු නිලධාරීන් මැදිහත්වී
ව්‍යර්ථ කර තිබේ.
පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමේදී සිදු කෙරෙන රේගු මධ්‍යම අපහරණ අංශයේ සම්මතයන්ගෙන් බැහැරව අංක 41 ශ්‍රී 9039 හා 226-2857 දරන විවෘත ලොරි රථ දෙකක පටවා මෙම මැකරෝනි තොගය වරායෙන් පිටතට රැගෙන යැමට සූදානම් වී ඇත.
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ අයකුට මේවා විනාශ කිරීමේ වගකීම පවරමින් විනාශ කරන බව පවසා මෙසේ වරායෙන් රැගෙන යැමට උත්සාහ දරා ඇතත් අදාළ ආහාර ද්‍රව්‍ය මෙසේ රැගෙන යැමට උත්සාහ කළේ හොර රහසේ වෙළෙඳපළට මුදාහැරීමට විය හැකි බව වරාය රේගු අංශ සඳහන් කරයි.
මෙම සිද්ධිය පසුපස කොළඹ වරායේ එක්‌තරා දූෂිත නිලධාරීන් දෙදෙනකු සිටින බව වරාය අභ්‍යන්තරයෙන් වාර්තාවේ.
විශාල ප්‍රමාණයේ කන්ටේනර් පෙට්‌ටියකින් මෙරටට ආනයනය කර තිබූ මෙම මැකරෝනි තොගයට කිලෝ ග්‍රෑම් දසදහසක් අඩංගුවී තිබී ඇති අතර කොළඹ වරායෙන් මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පිට කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට ඉකුත් කාලයේ විටින් විට තොරතුරු අනාවරණය විය.

0 comments:
Post a Comment