තමන් නොකළ සොරකමකට චෝදනා එල්ල වීම නිසා ලැඡ්ජාවටත් කනස්‌සල්ලටත් පත්වූ 16 හැවිරිදි
වන්නිආරච්චිගේ නදීකා ප්‍රියදර්ශනි නමැති තම මිනිබිරිය ඉකුත් 21 වැනිදා කළුතරින් කළු
ගඟට පැන දිවි නසාගෙන ඇති බව ඇයගේ මිත්තණිය පවසයි.
ඇයගේ මළ සිරුර කළුතර පාලම අසල රැඳී තිබුණු අතර කළුතර දකුණු පොලිසිය එහි පරීක්‍ෂණ ආරම්භ කළේය.
තරුණියකගේ මළ සිරුරක් පාලම අසලින් හමුවී ඇතැයි ආරංචි වීමත් සමග කළුතර පාලම අසලට එක්‌වූ දහස් සංඛ්‍යාත පිරිස් එකිනෙකා කතාකර පුවත් මවන්නට වූහ.
මළ සිරුර තිබූ ස්‌ථානයට ගිය කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත වෙදගේ, කළුතර දකුණ නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් මරණය පිළිබඳව සැක පහළ කර කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් නිමල් පෙරේරා මහතාට කරුණු වාර්තා කළේය.
මළ සිරුර නිරීක්‍ෂණය කළ විනිසුරුවරයා මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට නියෝග කළේය. ඥතීන් පැමිණ දේහය හඳුනාගන්නා තුරු පශ්චාත් මරණ පරීක්‍ෂණය නොපවත්වන හෙයින් මළ සිරුර කළුතර නාගොඩ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි.
ඉකුත් 22 වැනිදා සවස මියගිය නදීකාගේ මව වන හල්කඳවිල රාගලවෙල පදිංචි මොරවකගේ කුසුමලතා මහත්මිය කළුතර උතුර පොලිසියට හා නාගොඩ රෝහලට ගොස් සිය දියණියගේ මළ සිරුර හඳුනාගත්තාය.
නදීකාගේ පවුලේ අය ආර්ථික අතින් ඉතාමත් අසරණ තත්ත්වයක සිටිති. නදීකාගේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් මෙම ආර්ථික තත්ත්වයෙන් පීඩා විඳිති.
සිය පවුල නඩත්තු කිරීම අරමුණු කරගනිමින් නදීකා සිය පාසල් දිවියට ආයුබෝවන් කියා ඇඟලුම් කම්හලක සේවයට ගොස් තිබේ. ඇය මෑතකදී ඥති ගෙදරකට ගොස් තිබේ. මෙහිදී එම නිවසේ තිබූ රන් මුදුවක් සොරාගෙන ඇතැයි ඇයට චෝදනා එල්ල වී තිබේ.
ඇය "මම මුද්ද ගත්තේ නැහැ" යෑයි දිවුරා කියද්දී නිවෙස් හිමියන් එය පිළිනොගෙන ඇය පොලිසියට කැඳවාගෙන ගියත් මුද්ද ඇය සොරාගත් බව ඔප්පු කිරීමට නොහැකිවී ඇත.
පොලිසිය එම ළාබාල තරුණිය ගෙදර යවන ලෙස අවවාද කර ඇත.
සිහිනයකින්වත් නොසිතු ලෙස තමන්ට එල්ල කළ චෝදනා ගැන කනස්‌සල්ලට පත්වූ ඇය කළුගඟට පැන සියදිවි හානිකරගෙන ඇත. ඇයගේ මිත්තනිය වූ කර්ලැයින් මහත්මිය හැඬූ කඳුළින් මෙසේ කීවාය. දුව හොරෙක් බවට ඥති ගෙදර අය හැඳින්වූවා. දුව පොලිසියට රැගෙන ගියා. වැඩ කරන ඇඟලුම් කම්හලට ගොස් දුවට අපහාස කර තිබුණා. ඒ නිසා දුව කලකිරීමට පත්වී මෙසේ කළුගඟට පනින්න ඇති. ඇයගේ කරාබු දෙක ගලවා මිතුරියක අත ගෙදරට එවා තිබුණා.
ඇයගේ අවසන් කටයුතු ඉකුත් 24 දා හල්කඳවිල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

0 comments:
Post a Comment