Photobucket

Thursday, February 28, 2013

මවගේ නිවස කඩා රන් බඩු සොරාගෙන පෙම්වතාට ගෙයක්‌ හදන්න දීලා

මොනරාගල පොලිස්‌ බලප්‍රදේශයට අයත් සිරිවිජයපුර ප්‍රදේශයේ තම මවට අයත් නිවස බිඳ ඉන් සොරාගත් රන් ආභරණ නව නිවසක්‌ ඉදිකිරීම සඳහා තම පෙම්වතාට දුන් අපූරු දියණියක්‌ සහ ඇගේ පෙම්වතා අල්ලා ගැනීමේ පුවතක්‌ මොනරාගල පොලිසියෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. දින කිහිපයකට පෙරදී තම නිවස බිඳ වටිනා රන් බඩු සොරාගෙන ඇති බවට කාන්තාවක්‌ විසින් මොනරාගල පොලිසියට පැමිණිලි කළේය. පොලිසිය විසින් සැකකරුවන් සොයාගැනීම සඳහා පරීක්‍ෂණ කටයුතු සිදුකළ ද ඒ ගැන කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයාගැනීමට නොහැකි විය. පසුව පොලිසිය විසින් උපක්‍රමශීලීව වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී පැමිණිලිකාරියගේ දියණිය විසින් මෙම සොරකම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය විය. සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකිරීමේදී සැකකාරිය පවසා ඇත්තේ ඇය විසින් රන් භාණ්‌ඩ සොරාගෙන ඇගේ පෙම්වතාට ලබාදී ඇති බවත් පෙම්වතා විසින් එම භාණ්‌ඩ මොනරාගල ප්‍රදේශයේ බැංකුවකට උකස්‌ කර රුපියල් 2,74,400 ක්‌ ලබාගෙන ඔහුගේ නිවස ඉදිකිරීම සඳහා යොදා ඇති බවයි.

මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක, සහකාර පොලිස්‌ අධිකාරි ෂ අනුර පුෂ්පකුමාර යන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මොනරාගල මුලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. එම්. දසනායක මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු උ.පො.ප. කොඩිතුවක්‌කු, පො.සැ. (28459) දහනායක, පො.සැ. (56199), පො.කො. (35726) රෝහණ, පො.කො. (73602) රණසිංහ යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුත සිදු කළහ.\
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all