වාලච්චන පාසිකුඩා මුහුදු වෙරළේදී ඇමැති මෛත්‍රිපාල සිරිසේන
මහතාගේ පුත්‍රයා සහ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර
මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිස අතර හටගත් ගැටුම පිළිබඳව
සුලමුල සොයා බැලීමට පොලිස්‌පතිවරයාගේ නියෝගය පරිදි විශේෂ
පොලිස් කණ්‌ඩායමක් (26 දා) පාසිකුඩා බලා පිටත්ව
ගියහ.
මෙම සිද්ධිය පිළිබඳව කල්කුඩා පොලිසිය ක්‍රියා කළ ආකාරයත් එම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගේ ප්‍රකාශයන් සටහන් කර ගැනීමට එම විශේෂ පොලිස් කණ්‌ඩායම පියවර ගෙන ඇත.
ඇමැතිවරයාගේ පුතා විසින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතාට පහරදීමේ සිද්ධිය ඒ අසල සිටි අයෙකු ජංගම දුරකථනයෙන් කැමරාගත කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර එම පුද්ගලයා මෙතෙක් ඉදිරිපත් වී නැතැයි පොලිසිය කියයි.
පහරදීමට හේතු වූ බව කියන නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාගේ බිරිඳගෙන් ද පොලිස් කණ්‌ඩායම් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

0 comments:
Post a Comment