රජයේ රෝහල් දැඩි සත්කාර ඒකකවල (අයි.සී.යු) සේවය කරන
අත්දැකීම් සහිත හෙද හෙදියන් විශාල පිරිසක් කැනඩාව, ඇමරිකා
එක්‌සත් ජනපදය වැනි බටහිර රටවල රෝහල් සේවය සඳහා ඉල්ලුම් කර
තිබීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් දැඩි සත්කාර ඒකක 90
ක පමණ කටයුතු ඇනහිටින තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් ආරංචි
මාර්ග පැවැසීය.
බටහිර රටවලින් අත්දැකීම් සහිත මෙරට දැඩි සත්කාර ඒකක හෙදියන් සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර දැනටමත් දැඩි සත්කාර ඒකක හෙදියන් පිරිසක් වැඩි වැටුප් හා වරප්‍රසාද සහිත එම රටවල සේවය සඳහා විදේශගතවී ඇත.
තවත් හෙදියන් විශාල සංඛ්‍යාවක් එම රටවලට යැම සඳහා අත්‍යාවශ්‍ය අයි. ඊ. එල්. ටී. එස්. ඉංග්‍රීසි පුහුණු පාඨමාලාව හදාරමින් සිටින බව ඉහත ආරංචි මාර්ග පවසයි.
මේ අයුරින් දැඩි සත්කාර ඒකක හෙදියන් රට හැරයැමට පෙළඹුණහොත් දැනටමත් කාර්ය මණ්‌ඩල හිඟය මත අසීරුතාවෙන් පවත්වාගෙන යන හෘද, ස්‌නායු, වෛද්‍ය ඇතුළුÊදැඩි සත්කාර ඒකක ගණනාවක් ඉදිරියේදී වැසී යැමේ අවදානමක් පවතින බව රෝහල් අංශ පෙන්වා දෙයි.
එවැන්නක් සිදු වුවහොත් සැත්කම්වලට ලක් කරන රෝගීන් දහස් ගණනක ජීවිත අවදානම් තත්ත්වයකට පත්වන බවද පැවසේ. එමෙන්ම රජයේ රෝහල්වල දැනට පවතින හෙද හිඟයද මෙම තත්ත්වය මත උග්‍ර වනු ඇත.
රජයේ රෝහල්වල හෙද හෙදියන් 36,000 ක පමණ සංඛ්‍යාවක් සිටිය යුතු වුවද දැනට සේවයේ යෙදි සිටිනුයේ හෙද හෙදියන් 24,000 ක පමණ යෑයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ දිවයිනට පැවැසූහ.
හෙද හිඟය මඟහරවා ගන්නා තෙක් අලුතින් රෝහල් ඒකක විවෘත නොකරන ලෙසට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබුණද තවමත් එම ඒකක විවෘත කරමින් පවතින බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ සඳහන් කළහ.
0 comments:
Post a Comment