රී ලංකාවේ වේලාවෙන් පසුගිය 15 වැනිදා පෙරවරු 9.20 ට පමණ රුසියාවේ චෙලිබින්ස්ක්
නගරයට විශාල ප්‍රමාණයේ උල්කාපාත කැබැල්ලක් කඩා වැටීමෙන් මුළු රුසියාවම බියපත් වූ බව
වාර්තාවෙයි.
විශාල දීප්තිමත් වස්තුවක් අහසින් කඩා වැටෙනු දුටු බොහෝ දෙනා එය ගිනිගෙන දැවෙන අහස්
යානාවක් බව සිතුවේ යැයි වාර්තා දක්වයි. මුළු නගරයම විශාල ආලෝකයකින් වෙලී ගිය බව
සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. මේ උල්කාපාත කැබැල්ල වැටීමෙන් 400 කුට තුවාල සිදුවී
ඇති අතර තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව රුසියානු අභ්‍යන්තර අමාත්‍යාංශය පවසයි.
මෙහි කම්පනයෙන් මුළු නගරයේ ම ගොඩනැඟිලිවල වීදුරු බිදී ගොස් ඇති අතර නගරයේ සියලු
දුරකථන ක්‍රියාවිරහිත වී ඇත.
මෙය මීට කලින් පෘථිවියට කිලෝමීටර් 27000 ක් ඔබ්බෙන් ඇදී ගිය2012 ච්ඒ 14 උල්කාපාතයට
සම්බන්ධ එකක් බව රුසියානු රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
0 comments:
Post a Comment