ඉන්දිරා
ගාන්ධි අගමැතිනිය වෙඩි තබා මරා දැමීමේ වරදකරුවන් වූ සට්‌වාන්
සින් හා කේහාර් සින්, දිල්ලියේ තිහාර් බන්ධනාගාරයේදී එල්ලා මරා
දැමුවේ 1989 ජනවාරි 06 වැනිදාය. එයින් පසු චූදිතයෙක් එල්ලා
මරා දැමුවේ ඉකුත් 09 වැනිදාය. ඒ 2001 දෙසැම්බර් 13 වැනිදා
ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කෙරුණු ප්‍රහාරයේ වරදකරු වූ
අµaසාල් ගුරු ය. ඉන්දියාවට එරෙහිව යුද්ධයක් කිරීම, මිනීමැරීම,
පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීම ඇතුළු චෝදනා රැසකට වරදකරු වූ
"ගුරු"ට 2002 මැයි 18 වැනිදා මරණ දඬුවම නියම කෙරිණි. එහෙත්
අවසානයේ වසර දහයකට අධික කාලයකට පසුව ජනපති ප්‍රනාබ් මුකර්ජි
විසින් ඔහුගේ ජීවිත දානය ඉල්ලීමේ පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමෙන්
පසු ඉන්දීය ස්‌වදේශ කටයුතු ඇමැති ශුසිල් කුමාර් සින්ඩේගේ
නියෝගයෙන් මේ කාශ්මීර වැසියා එල්ලා මරා දැමිණි.

අරුන්දතී සෑම විටම මහත් විවාදාත්මකව ප්‍රකාශ සිදු කරන්නියකි. ඇය ඉන්දීය ආරක්‍ෂක අංශ, මාඕවාදීන් මර්දනය සඳහා ආරම්භ කළ "හරිත දඩයම" මෙහෙයුම ද දැඩිව විවේචනය කළ අතර ශ්‍රී ලංකාවේ ත්‍රස්‌ත මර්දන මෙහෙයුම් ද විවේචනය කළාය.
පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී ඉන්දියා ටුඩේ සඟරාව මගින් කළ මත විමසුමකට අනුව එරට වැසියන්ගෙන් 78% ක් "ගුරු" ට මරණ දඬුවම දීම අනුමත කළහ. 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ලවූ ප්‍රහාරයෙන් එරට ආණ්‌ඩුව සලිත විය. දෙසැම්බර් 13 වැනිදා සුදු පැහැති ඇම්බැසඩර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ ප්‍රහාරකයින් පස් දෙනෙක් පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කළ අතර එහිදී ආරක්‍ෂක අංශ සාමාජිකයන් අට දෙනෙක් හා උද්‍යාන කම්කරුවකු ඝාතනය විය. ආරක්‍ෂක අංශ හා සිදු කළ සටනින් පසු ප්‍රහාරකයන් පස් දෙනා ද මරණයට පත් වූහ. මොහොමඩ්, රාහා, රාජා, හම්සා සහ නයිදර් යන ප්‍රහාරකයන් පස් දෙනාම "ගුරු" විසින් පසුව හඳුනා ගන්නා ලදී. එවක ඉන්දීය ස්‌වදේශ කටයුතු ඇමැති වූ ලාල් අද්වානි ප්‍රකාශ කර සිටියේ මේ ප්‍රහාරය පිටුපස පකිස්‌තානය සිටින බවයි. ප්‍රහාරකයන් ද පකිස්‌තාන ජාතිකයන් හා සමාන යෑයි හෙතෙම ප්‍රකාශ කර සිටියේය. පාර්ලිමේන්තු ප්‍රහාරයෙන් කෝපයට පත් වූ ඉන්දියාව පකිස්‌තානයේ සිටින සිය තානාපතිව වහා සිය රටට කැඳවූ අතර ලක්‍ෂ පහකට අධික සොල්දාදුවන් පිරිසක් පකිස්‌තාන දේශසීමාව අසලට කැඳවන ලදී.
මේ ප්‍රහාරයෙන් වසර 12 කට පසුව "ගුරු" එල්ලා මැරීමෙන් ඉන්දියාව තම වාඩුව ගත්තේද? කාශ්මීරයේ බෙදුම්වාදීන්ට "ගුරු" එල්ලා මැරීම හරහා පණිවුඩයක් ලබාදීමට දිල්ලි රජය කටයුතු කළ බව පැහැදිලිය. "කාශ්මීරයේ නිදහස වෙනුවෙන් ඕනෑවට වඩා දැඟලුවොත් ලැබෙන දඬුවම මරණය බව දක්‌වමින් තිහාර් බන්ධනාගාරයේදී ඉකුත් 09 වැනිදා පෙ.ව. 8 ට "ගුරු" එල්ලා මරා දැමිණි.
අඡ්මාල් කසාබ් ඉකුත් නොවැම්බරයේදී එල්ලා මැරුවේ ද රහසිගත ආකාරයටය. එලෙසම මේ කාශ්මීර වැසියා ද රහසිගත ආකාරයට එල්ලා මැරූ අතර කාශ්මීර ප්‍රාන්තයට අතිරේක භට පිරිස් යවා එහි ආරක්‍ෂාව තර කෙරිණි. මුම්බායි ප්‍රහාරයේ චූදිතයා වූ අඡ්මාල් කසාබ් එල්ලා මැරීමට ප්‍රථම ඔහු තම අවසන් ආහාරය ලෙස තක්‌කාලි ගෙඩියක් කෑමට ගත්තේය. "ගුරු"ගේ අවසන් ආහාරය ගැන සඳහනක් නැති වුවත් 9 වැනිදා පාන්දර 5 ට අවදි වූ හෙතෙම යාච්ඤාවක් පවත්වා ඇත. පෝරකයට ගෙන යන අවස්‌ථාවේදීත් හෙතෙම සන්සුන්ව සිටි බව බන්ධනාගාර ජෙනරාල් විම්ලා මෙහෙරා හින්දු පුවත්පතට පවසා තිබිණි. එල්ලා මැරීමෙන් පසු "ගුරු"ගේ දේහය මිහිදන් කරනු ලැබුවේ මීට වසර 29 කට පෙර තිහාර් බන්ධනාගාරයේදීම එල්ලා මරා දැමූ කාශ්මීර සටන්කාමී නායකයකු වූ මක්‌බූල් බාත්ගේ දේහය වැළලූ තැනට අනෙක් පසිනි. කාශ්මීර බෙදුම්වාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූ මක්‌බූල් ඉන්දිරා ගාන්ධි රජයේ අණ පරිදි එල්ලා මරා දමන ලදී. ගුරුට මෙන්ම මක්‌බූල්ට දැන් එලොවදී කාශ්මීරය ගැන සාකච්ඡා කළ හැකිය.
අµaසාල් ගුරුගේ එල්ලා මැරීම ගැන පකිස්‌තාන "ඩෝන්" පුවත්පතට ලිපියක් ලියන ආචාර්ය තරීක් අලි සටහන් කරන්නේ මේ කාශ්මීර වැසියා එල්ලා මැරුව ද පාර්ලිමේන්තු ප්‍රහාරය සම්බන්ධව ඔහුට එරෙහිව කෙලින්ම චෝදනා එල්ල කිරීමට ඉන්දීය අධිකරණය අසමත් වූ බවය. ඉන්දීය ජාතියේ හෘද සාක්‍ෂිය සැනසීම සඳහා පමණක් මේ එල්ලා මැරීම සිදු කළ බව ආචාර්ය අලි පවසයි. උත්තර් ප්‍රදේශයේ වෙසෙන මුස්‌ලිම් ජනගහන ප්‍රතිශතය 20% කි. නමුත් එහි රැකියා බෙදීමේ කෝටාව අනුව මුස්‌ලිම්වරුන්ට ලැබෙන්නේ රැකියාවලින් 2% ත් 4% ත් අතර ප්‍රමාණයක් පමණි. ඉන්දීය සමාජය තුළ මුස්‌ලිම්වරුන්ට ඉතාම අසතුටුදායක අන්දමින් සලකන බව අලි කියයි.
ඇත්තෙන්ම ඉන්දීය සමාජය මුස්‌ලිම්වරුන්ට සලකන ආකාරය කෙසේ වෙතත් ලංකා සමාජය නම් කිසිවිටක "සාහසික" ආකාරයට අන්‍ය ආගමිකයන්ට සලකා නැත. ඇත්තෙන්ම ලංකාවේ ආගමික හෝ ජනවර්ග පදනමින් රැකියා බෙදීමේ කෝටාවක් නිර්මාණ වී නැත. කාශ්මීරයේ බෙදුම්වාදයට ඉන්දියාව පිළිතුරු දෙන්නේ ලෙයින් හා යකඩිනි. තම රටේ ත්‍රස්‌තවාදයක් හෝ බෙදුම්වාදයක් ඇති වන්නේ නම් එය මර්දනය කර සුනුවිසුනු කිරීමේ පූර්ණ අයිතිය ඉන්දීය රජය සතුය. අප ඒ ගැන අදහස් දක්‌වන්නේ නැත. කාශ්මීර බෙදුම්වාදී සටනේ ප්‍රමුඛයකු වූ මක්‌බූල් 1984 දීම එල්ලා මරා දැමුවේ ඒ පණිවුඩය ලබාදෙන්නටය. එලෙසින්ම ශ්‍රී ලංකාවට ද තම රටේ ක්‍රියාත්මක වූ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ අයිතිය ඇති බව ඉන්දියාව පිළිගත යුතුය. ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන එනු ලබන චෝදනා පත්‍රිකාවට සහාය පළ කරමින් අනෙක් පසින් තිහාර් බන්ධනාගාරයේදී අෆ්සාල් ගුරු එල්ලා මරා දමන්නේ නම් මේ අසල්වැසි මහා රාජ්‍යය දෙබිඩි චරිතයක් රඟපාන බව පැහැදිලි නොවන්නේද? ලබන මාර්තු මාසයේදී ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව යළිත් වරක් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රනාබ් මුකර්ජි දිල්ලි පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ කාශ්මීර ත්‍රස්‌තවාදියාට කිsසිම සමාවක් ලබා නොදුන්නේය. එනිසා "ගුරු" එල්ලා මරා දැමිණි. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌ත නඩය මරා දැමුවේ රට බෙදුම්වාදයෙන් බේරා ගැනීමටය. එබැවින් ඉන්දියාව ලබන මාර්තුවේදී ලංකාව යළිත් අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් ඇමරිකානු යෝජනාවට සහාය ලබාදුනහොත් සිදු වන්නේ කුමක්‌ද? මේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ දෙබිඩි පිළිවෙත හෙළිවීම නොවන්නේද? එනිසා ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය ගැන වඩා සුපරීක්‍ෂාවෙන් සිටිය යුතුව ඇත. 2012 දී ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාව ජයග්‍රහණය කරනු ලැබුවේ ද ඉන්දියාව අපට පස්‌ස හැරවූ නිසාය. මෙවර කුමක් සිදුවේද? නිහඬව බලා සිටිමු.
0 comments:
Post a Comment