Photobucket

Sunday, February 17, 2013

හන්තාන දැව හොරු හතරක් කොටු

මහනුවර හන්තාන රක්ෂිතයේ අධි ආරක්ෂක කලාපයේ ගස් කපමින් සිටි සැකකරුවන් හතර දෙනෙකු එම දැව තොගයත් සමග මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් 16 වන දින අත් අඩංගුවට ගෙන ඇත. හන්තාන කඳු මුදුනේ අධිආරක්ෂක කලාපයේ ඡල පෝෂිත ප‍්‍රදේශයක කිසියම් පිරිසක් විසින් ගස් කපන බවට හන්තාන සුරැකීමේ ඡාතික සංවිධානයේ නිලධාරියෙකු විසින් මහනුවර පොලිසියටද පැමිණළි කර තිබේ. 

මෙම ගස් කපන බවට මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයටද ඒවන විට තොරතුරක් ලැබී තිබීම නිසා වහා එම ඒකකයේ පොලිස් නලධාරින් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යනවිට එම දැව කන් ලොරියක පටවමින් සිටි බව පොලිසිය කියයි. එම දැව තොගය මාවනැල්ල ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව පොලිසිය කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. එම දැව තොගය සමඟ දැව පැටවීමට ගෙනා දොඹකරයක් සහිත ලොරියක්ද, ගස් කැපීමට ගෙනා යන්ත‍්‍ර සහ සැකකරුවන් හතර දෙනෙකුද,පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කරඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all