පාසලේ තීන්ත ගෑමට විදුහලෙන් ඉල්ලූ රුපියල් අටසීය සොයා ගැනීම
සඳහා අසල්වැසි වත්තකින් පොල් ගෙඩි අටක් සොරකම් කළ දැරියගේ
කතාව පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ හදවත් ඇති මිනිසුන් මහත්
කම්පනයට පත් කළ සිද්ධියක් විය.
මෙතැනදී ජන මාධ්‍ය විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රවෘත්ති
වාර¨තාකරුවන් දැක්‌වූ උනන්දුව ඉතා ප්‍රශංසනීය බව කිව
යුතුය.ශිෂ්‍යාව සහ පොල් ගෙඩි අටේ සිද්ධිය උසාවියට ගෙන යැම
පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ
එය සොරකමක් බවත් සොරකමක් නම් එය උසාවියට ඉදිරිපත් කිරීම
සාධාරණ බවත්ය.
ජනාධිපති තුමා එම සිද්ධිය ගැන වාර්තාවක් ඉල්ලූ සැණින්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්මයා නිහඬවිය. ඒ වෙනුවට බස්‌නාහිර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තැනගේ මෙහෙයවීමෙන් මෝසමක් ඉදිරිපත් කොට පොල්ගෙඩි අටේ සිද්ධිය ඉල්ලා අස්‌කර ගනු ලැබීය.පොලිසිය ඒ තැනට ගියේ මේ සානුකම්පිත සිද්ධිය දැඩි සේ ජනතා අවධානයට යොමු වීම නිසාය. ඊටත් වඩා කම්පාවට පත් ජනාධිපතිතුමා සිද්ධිය ගැන වාර්තාවක් ඉල්ලා සිටීම නිසාය.නොඑසේ නම් ශිෂ්‍යාව තවමත් ඊළඟ නඩු දිනය එනතුරු බලා සිටිනු ඇත.
ඉතාම සුළුවෙන් මේ වරද නිරාකරණය කර ගත හැකිව තිබිණි. එහෙත් හොරණ පොලිස් ස්‌ථානාධිපතිවරයා ඊට අසමත් වූයේ ඇයි?මෙයට ඉතිහාස කතාවක් තිබේ. අදටත් සේවය කරන සමහර පොලිස් නිලධාරීන් මීට එකඟ වනු ඇත.
පොලිස් සේවයට බඳවා ගැනීමේදී ඉස්‌සර කාලයේ කළේ ඉතාම දැඩි පරීක්‌ෂාවකින් පසුවය.පොලිස් සේවයට බඳවා ගන්නා තැනැත්තා ගැන පමණක් නොව ඔහුගේ ඥතීන් ගැනද එකල සොයා බැලිණ. නමුත් 2005 වසරේ පොලිස් උප සේවයට බඳවා ගත් අය ගැන එවැනි පරීක්‌ෂණයක් නොතිබිණි. පොලිස් උප සේවයට බඳවා ගත් අයට උසස් නිලතල බෙදා දෙන තත්ත්වයක් උදාවිණි.එලෙස උප සේවය හරහා පොලිසියේ උසස් නිල තලවලට පැමිණි අයට නිසි දැනුම තිබුණේ නැත.
උසාවියේදී නීතිඥවරුන් සමග හැප්පෙන්නට අසමත් පොලිස් නිලධාරීන් පිරිසක් බිහි වූයේ 2005 අසංවිධිත ලෙස පොලිස් උප සේවයේ අයවලුන්ට පොලිස් ස්‌ථානාධිපති, පොලිස් පරීක්‌ෂක වැනි ඉහළ තනතුරු ලබා දීම නිසාය.
පොලිසියේ ඉහළ තනතුරු ලැබිය යුත්තේ ජ්‍යෙෂ්ඨත්වය මතය. එසේ නොමැතිව ඉරි ගසා පිළිතුරු ලිවීමේ විභාග ක්‍රමයට නොවේ.
අපරාධ සොයා ගැනීම, අභීතව ක්‍රියා කිරීම, පොලිස් දෙපාර ¨තමේන්තුවට ගෞරවයක් ලැබෙන පරිදි ක්‍රියා කිරීම ආදී දේ නිසා උසස්‌වීම් ප්‍රදානය කළ යුතුය.
එහෙත් වරක් පිටකොටුව පොලිසියේ ස්‌ථානාධිපතිවරයකුට උසස් වීමක් දුන්නේ පිටකොටුවේ හොඳ දන්සලක් දුන් නිසාය.එවැනි උසස්‌වීම් දීම් වලින් වන්නේ වැඩකරන පොලිස් නිලධාරීන් කලකිරී සේවයෙන් අයින් ගසා සිටීම පමණි.ඇතැම් පොලිසිවල ස්‌ථානාධිපතිවරු වී සිටින්නේ පොලිස් උපසේවයේ සිට උඩින් පැන ආ අයය.
පොල්ගෙඩි අටේ සිද්ධියට නඩු පැවරුවේ එහි ස්‌ථානාධිපතිවරයා නොවේ. එහි සිටින සුළු පැමිණිලි අංශය භාර පොලිස් නිලධාරියාය. සිද්ධිය නියපොත්තෙන් කපා ගැනීම කළ යුතුව තිබුණේ ඔහු විසින්ය. නමුත් පොල් ගෙඩි අටේ සොරකම මහ නඩුවක් දක්‌වා රැගෙන ගියේ නීතියේ ප්‍රතිපාදන නොදැන සිටි නිසා විය හැක.
පොල් ගෙඩි අට සහ දැරිය උසාවියට නොදමා ගොඩින් බේරා ගන්නට ඕනෑතරම් ඉඩ කඩ පොලිස් පොත තුළ තිබෙද්දීත් හොරණ සුළු පැමිණිලි භාර පොලිස් නිලධාරියා කළේ අඬුව තිබෙද්දීත් අතින්ම ගිනි අඟුරු අල්ලා ගැනීමකි.
දැන් ඇතමුන්ගේ තර්කය වී ඇත්තේ මේ කුඩා සිද්ධියට මාධ්‍ය මගින් මේසා ප්‍රචාරයක් දීම වැරදි බවය.මෙතැනදී මාධ්‍ය නිවැරදිය. මාධ්‍ය හැම විටම පෙනී සිටින්නේ පීඩිතයාගේ පැත්තේය.පොල් ගෙඩි අටක් හොරකම් කළේ පාසලේ තීන්ත ගෑමට මුදල් සොයා ගැන්මටය. එය උසාවියට ගිය විට මාධ්‍ය එය ඉහළින් වාර්තා කිරීම අතිශයින්ම සාධාරණය.හොරණ ප්‍රදේශයේ මං පහරන්නන් විසින් මාල කඩා ගැනීම් ගණන බෙහෙවින් ඉහළ ගොස් තිබිණි. ඒ අතර කසිප්පු ජාවාරම්කරුවන්, සෙසු හොරකම්, සාමාන්‍ය මිනිසුන්ට වන මැරකම් වැඩි වී තිබිණි.

එහෙත් ඒ සියල්ල පසෙකලා පොල් ගොඩි අටේ දැරිය හෙවත් අහිංසක ගොදුර ගිල ගැනීම හොරණ පොලිසියට වූ නින්දාවකි.තවත් විසඳිය යුතු හොරකම් මැරකම් අපරාධ පිළිබඳ චෝදනා රැසක් තිබියදී පොල් අටක් හොරකම් කළ දැරිය ගැන පමණක් නීතිය ක්‍රියාත්මක කළේ ඇයි දැයි යන්න ජනතාවට ප්‍රශ්නයකි.
හොරණ ප්‍රදේශයේ ඒ. එස්. පී. මහත්තයෙකුගේ ඉඩමේ ගහකින් කොස් ගෙඩි දෙකක් කඩා ගෙන ගියේ යෑයි ගැමියෙකුට චෝදනා කොට උසාවි දැමුවේද හොරණ පොලිසිය විසිනි.මේ සිද්ධීන් වලින් කියෑවෙන්නේ පොලිස් නිලධාරීන් කෙතරම් අමනෝඥද යන්නය.ඒ තරමටම විදුහල්පතිවරුද අමනෝඥය. විදුහල්පතිවරු පංති කාමර තුනක තීන්ත ගෑමට යන මුදල එක පංති කාමරයකින් ඉල්ලා සිටියි.
උදාහරණයක් විදියට කොළඹ විශාඛා විද්‍යාලය ගනිමු.
එහි සෑම වසරකම (6 වැනි වසරේ සිට) අලුත් පංතියට යන සෑම ශිෂ්‍යාවකගෙන්ම රු. 5000/- ක් ඉල්ලා සිටී. විශාකා දෙමාපියෝ බොහෝ දෙනක් පොහොසත් උදවිය ය. එහෙත් පහේ ශිෂ්‍යත්වය සමත්වී විශාඛා විද්‍යාලයට පැමිණ ඇති ගම්බද සිසුවියකට රු. 5000 ක් ගෙවිය හැකිද?
අධ්‍යාපන ඇමැතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සිසුන්ගෙන් මුදල් ගැනීම අත්හිටුවීමේ නියෝගයක චක්‍ර ලේඛයක් නිකුත් කොට ඇත.මේ චක්‍ර ලේඛයට පළමුව සිනාසෙන්නේ විදුහල්පතිවරුය. චක්‍රලේඛන නිකුත් කළාට අපි හම්බකරන විදිය අපි දනිමු යෑයි යන්න ඒ සනාව තුළ රැඳෙන වක්‍රෝත්තියයි. ඒ අයුරින් පොල්ගෙඩි අටේ දැරියගේ කතාව අතීතයට එක්‌වන තවත් කතාවක් පමණක් වනු ඇත. නමුත් පොල් ගෙඩි අට කළ සමාජ තිගැස්‌ම සුළුපටු නොවේ.
0 comments:
Post a Comment