පාකිස්තානයේ ත්‍රස්තවාදින් බහුලව ගැවසෙන ක්වෙටා ආසන්නයේ හසාරා නගරයේ වෙළඳ
සංකිර්ණයක් අවට සිදුවු බෝම්බ ප්‍රහාරයකින් 79 දෙනෙක් මිය ගොස් 180කට අධික
පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. ෂයිටි මුස්ලිම්වරුන් පෙරේදා
එල්ල කළ මේ ප්‍රහාරයෙන් මියගියවුන් අතර කාන්තාවන් සහ ළමුන්ද විශාල පිරිසක්
සිට ඇත .
බලුකිස්තානයේ මේ ප්‍රදේශය ෂයිටි මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන
ප්‍රදේශයකි. මේ පුපුරුවා හැරිම සඳහා කිලෝ ග්‍රෑම් 600ක පමණ පුපුරණ ද්‍රව්‍ය
පාවිච්චි තර ඇති බව ක්වෙටා හි පොලිස් ප්‍රධානී වසීර් කාන් නසීර් පවසයි.
අනතුරට ලක්වූ තවත් විශාල පිරිසක් සුන්බුන්වලට යටවී සිටුනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ අය පණපිටින් බේරා ගැනීමේ ඉඩකඩ ඉතාම අල්ප බව සහන සේවකයෝ පවසති .
ප්‍රහාරයේ වගකිම තහනමට ලක්ව ඇති සුන්නි මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වන
ලක්ෂාර් ඊ - තාන්ග්වි කණ්ඩායම බාරගෙන ඇත
0 comments:
Post a Comment