ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන පරිදි 2012 වසරේ
පුරන් කුඹුරු අස්වැද්දීමේ ඉලක්කය 100% සාර්ථක වූ බව ගම්පහ දිස්ත්‍රික් ගොවිජන
සේවා සහකාර අධ්‍යක්ෂිකා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ගම්පහ දිස්ත්‍රික්
කෘෂිකර්ම කමිටු රැස්වීමේදී හෙළි කළාය.
ඒ අනුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ පුරන්කුඹුරු ව්‍යාපෘති එකක් සඳහා ඇස්තමේන්තු කළ මුදල රුපියල්
මිලියන 0.29ක් බවත් එහි භෞතික ප්‍රගතිය හා මුල්‍ය ප්‍රගතිය 100% බවත් පෙන්වා
දුන්නාය.
ගම්පහ දිසාපති ජේ.ජේ. රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෘෂිකර්ම කමිටු
රැස්වීමේදී පුරන් කුඹුරු නැවත වගා කිරීමේ ප්‍රගතිය ගැන කරුණු දැක්වූ සහකාර
කොමසාරිස්වරිය ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුරන් කුඹුරු ව්‍යාපෘති
06ක්ද, ඒ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1.94ක් බවත්, මහර ව්‍යාපෘති 05 කට
ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2.08 ක්ද, මිරිගම ව්‍යාපෘති එකකට ඇස්තමේන්තු
මුදල රුපියල් මිලියන 1.33ක්ද, වත්තල ව්‍යාපෘති එකකට ඇස්තමේන්තු මුදල රුපියල්
මිලියන 0.13 ක්ද, දිවුලපිටිය ව්‍යාපෘති 16කට ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන
3.41ක් බවත් හෙළිකළාය. එසේම සියලු ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය හා මුල්‍ය
ප්‍රගතිය 100% බවද පෙන්වා දුන්නාය.
2013 වසරේ පුරන්කුමුර වගා කිරීමේ වැඩසටහන අනුව ගම්පහ ව්‍යාපෘති 02ක්ද,
මිනුවන්ගොඩ, ව්‍යාපෘති 01ක්ද, අත්තනගල්ල ව්‍යාපෲති 03ක්ද, මීරිගම ව්‍යාපෘති
02ක්ද, දිවුලපිටියේ ව්‍යාපෘති 08ක්ද, මහර ව්‍යාපෘති 02ක්ද ඒ සඳහා අපේක්ෂිත සහ
ඇස්තමේන්තු මුදල් ප්‍රමාණයන් ගැනද විස්තර කළාය.





0 comments:
Post a Comment