Photobucket

Wednesday, January 2, 2013

ත්‍රිරෝද රථයක් සොරාගෙන යමින් සිටියදී පොලිස් දැලේ

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පසුගිය දා අලුයම 2.00ට පමණ සීදූව පොලිසියේ නිලධාරින් පිරිසක් සීදූව හන්දියේ නවතා පරීක්ෂා කිරීමේ දී එම ත්‍රිරෝද රථය සොරාගත් එකක් බව හෙළි වී තිබේ.

පසුව තවදුරටත් ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේ දී අත්බෝම්බයක් ද හමුවිය.

සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ලියනගේ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් සුරවීර මහතාගේ අධීක්ෂණය යටතේ රාජකාරියේ යෙදුණ පොලිස් සැරයන් ඒ.එම්.සී. අත්තනායක, පොලිස් කොස්තාපල්වරුන් වන වන්නිගම, මාලිංග ඉන්දික යන මහත්වරුන් රාත්‍රියේ විශේෂ රාජකාරියක යෙදෙමින් ත්‍රිරෝද රථයද අත්බෝම්බය ද සැකකරුද අත් අඩංගුවට ගැණිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all