Photobucket

Wednesday, January 2, 2013

සිසුන් තිදෙනෙක් බලු හොරකමේ

කෑගල්ලේ ප්‍රසිද්ධ විදුහලක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් විසින් කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ විසිතුරු සතුන් හා මල් වර්ග විකුණන වෙළෙඳ සලකින් බලුපැටව් තිදෙනෙකු සොරකම් කර තිබේ. ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණයක් පවත්වා එම සිසුන් තිදෙනා සහ බලු පැටවු මේවනවිට අත් අඩංගුවට ගෙන ඇති බව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා පැවැසීය.

එම බලු පැටවකුගේ විකුණුම් මිල රුපියල් 15000/– පමණ වේ. මේ පාසල් සිසුවෝ ඇදුරාපොත හබුරුගල පදිංචිකරුවෝ වෙති.

සිසුන් තිදෙනා සහ බලුපැටවු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. සොරකම පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ මත සොයාගත් බල්ලන් හා සැක කරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ පසුව විනිසුරු වරයාගේ නියෝග මත පොලිසියට ඊළඟ පියවර ගන්නට තමා උපදෙස් ලබා දුන් බවද පොලිස් අධිකාරීවරයා කීය.

හොරකමට සම්බන්ධ පාසල් සිසුන් අධ්‍යාපනය ලබන විදුහලේ විදුහල්පතිවරයාද මෙම සිද්ධිය ගැන බලවත් අප්‍රසාදයට පත්ව සිටින බවද පොලීසිය පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all