Photobucket

Wednesday, January 2, 2013

ලබන මාර්තුවේ එන නිලවරණයට දෙපිලක් දැන් සිටම පොර පිටියේ

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය

මේ වසරේ මාර්තු 31වැනි දිනට පෙර පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මුල් පුටුවට වත්මන් සභාපති පරාක්‍රම බස්නායක මහතා හා හිටපු අතුරු කමිටු සභාපති රංජිත් සිල්වා යන මහත්වරු තරග වදින බව පවසති.

මෙතෙක් බැඩ්මින්ටන් පරිපාලනයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන ආ හෙයින් නැවැත සභාපති තනතුර භාර ගන්නා ලෙස බොහෝ දෙනෙකු කරන ඉල්ලීම සලකා නිලවරණයට ඉදිරිපත්වන බව බස්නායක මහතා සඳහන් කළේය.

එහෙත් වත්මන් පාලනය බැඩ්මින්ටන් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට අපොහොසත්ව ඇතැයි චෝදනා කරන හිටපු අතුරු කමිටු සභාපති මහාචාර්ය රංජිත් සිල්වා මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් සංගම් බහුතරයකින්ම ඇති ප්‍රබල ඉල්ලීම් හේතුවෙන් මෙවර සභාපති තනතුර භාර ගැනීමට සුදානමින් පසුවන බවයි.

කෙසේ වුවද වත්මන් සභාපති පරාක්‍රම බස්නායක මහතා පවසන්නේ බහුතර සහයෝගයක් ඇති බවයි. පසුගිය කාලයේ බැඩ්මින්ටන් පරිපාලන කටයුතුවලට සම්බන්ධ නොවු පිරිස් ද එක්කරගෙන මෙවර තරග වැදීමට ඔහු සුදානම් වෙයි.

වරෙක ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතාගේද විවේචනයට ලක්වු වත්මන් බැඩ්මින්ටන් පරිපාලනය පිළිබඳ නිවැරදි තොරතුරු දැනුම් දීමෙන් ඇමැතිවරයා සෑහීමකට පත්වු බවද බස්නායක මහතා සඳහන් කළේය.

වසර දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අතුරු කමිටු සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ලෝක බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයකු ලෙස පත්වු මහාචාර්ය රංජිත් සිල්වා මහතාට වත්මන් බැඩ්මින්ටන් පරිපාලනයට සම්බන්ධ ඇතැම් පිරිස් ද සහ‍යෝගය ලබාදීමට සුදානම් බව පවසයි. 
මේ හේතුවෙන් මෙවර බැඩ්මින්ටන් නිලවරණය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ.

නිමාවට පත්වු ඔලිමිපික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නිලුක කරුණාරත්න දැක්වු දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පිබිදීමක් ඇතිවු බවට පිළිගැනීමකි. මේ හේතුවෙන් පිටපළාත් පාසල් ක්‍රීඩකයන් රැසක් බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිස ඇතැයි පැවැසේ.

මේ වසරේදී ලෝක බැඩ්මින්ටන් සංගමයෙන් පාසල් ක්‍රීඩාව නඟා සිටුවීමට ලබා දෙන ආධාර තුළින් විශේෂ වැඩ පිළිවෙළක් නව නිලධාරි මණ්ඩලය දියත් කළ යුතුවේ.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all