ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්
තරගමාලාවක් ලබන සිකුරාදා සිට ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ
සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග මේ දිනවල මෙහි ජනප්‍රිය ක්‍රීඩකයෙක්
බවට පත්ව සිටී.
මේ දිනවල මෙහි පැවැත්වෙන ‘බිග් බෑෂ්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට
දස්කම් දක්වමින් සිටින මාලිංග පෙරේදා අපූරු දෙයක් කළේය. ශ්‍රී ලංකාවේ පැවැති 2012
විස්සයි20 ලෝක කුසලාන අවසාන තරගයේ ශ්‍රී ලංකාවට පරාජය ගෙන ආ බටහිර ඉන්දීය
කොදෙව් පිතිකරුවා වූයේ මාලන් සැමුවල්ස්ය.
ඔහු එදා මාලිංගට එළව එළවා පහර
දුන්නේය. පෙරේදා පැවැති ‘බිග් බෑෂ්’ තරගයකදී ‘මෙල්බර්න් ස්ටාර්ස්’ කණ්ඩායම
වෙනුවෙන් ක්‍රීඩා කරමින් මාලිංග ‘බවුන්සර්’ පන්දුවක් යවා සැමුවල්ස්ගේ ඇසක්
තුවාළ කළේය. සැමුවල්ස් වහා රෝහලට ගෙන යනු ලැබිණි.
එහෙත් මේ අවස්ථාවේදී සිය ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කළ මාලිංග වහාම
සැමුවල්ස් වෙත පිවිස තමන් අතින් ඔහුට සිදුවූ හානිය ගැන සොයා බැලුවේය. ඇසට බරපතළ
සිදුවූ සැමුවල්ස් ලකුණු 17ක් ලබා ගෙන පිටියෙන් ඉවත් විය. සැමුවල් ක්‍රීඩා
කරමින් සිටියේ ‘රෙනෙගේඩ්ස්’ කණ්ඩායමටය.
‘චැනල් නයින්’ කෝප වෙයි
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ලබන සිකුරාදා (11) ඇරැඹෙන තරග පහකින්
සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග මාලාවේ ආරම්භක තරග දෙක සඳහා
ඔස්ට්‍රේලියාව දෙවැනි පෙළේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීම පිළිබඳව එම තරග
විකාශය කරන රූපවාහිනී ආයතනය වන ‘චැනල් නයින්’ ආයතනය කෝපයට පත්ව සිටී.
සිඩ්නි හිදී ශ්‍රී ලංකාව කඩුලු පහකින් පැරදවූ ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ
සිටි ක්‍රීඩකයන්ගෙන් පළමු එක්දින තරග දෙක සඳහා තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩකයන්
තිදෙනෙකු පමණි.
වේග පන්දු යවන්නන් වන මිචල් ස්ටාක් හා මිචල් ජොන්සන් සහ පිතිකරු ෆිල් හියුස් එම
ක්‍රීඩකයෝ වෙති. වඩාත් ම මතභේදාත්මක තීරණය වී තිබෙන්නේ ආක්‍රමණශීලී
පිතිකරු ඩේවිඩ් වෝනර් කණ්ඩායමට ඇතුළත් නොකිරීමය.
සිඩ්නි තරගයෙන් පසුව ටෙස්ට් තරග බිමෙන් සමුගත්, ඔස්ට්‍රේලියාවේ ඉතාමත්
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන මයිකල් හසී ද එක්දින තරග සඳහා ඔහු තෝරා
නොගැනීම පිළිබඳව කණස්සල්ලට පත්ව සිටී.
ක්‍රිකට් ඔස්ට්‍රේලියා ජාතික තේරීම් පැනලය, නායක මයිකල් ක්ලාක් හා උප නායක ෂේන්
වොට්සන් “ඔවුන්ගේ ආබාධවලින් මිදීම ට කල් ලබා දීම” යන හේතුව දක්වමින් පළමු තරග
දෙක සඳහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් කර නැත. විවේක ගන්වා ඇති තවත්
ක්‍රීඩකයෙක් වන කඩුලු රකින මැතිව් වේඩ් වෙනුවට බ්‍රැඩ් හැඩින් කැඳවා තිබේ.
ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ සුපිරි තරු නොසිටීම පිළිබඳව ‘චැනල් නයින්’
ක්‍රීඩා අධ්යක්ෂ ස්ටීව් ක්‍රෝලි දැඩි කනස්සල්ලට පත්ව සිටී.
“චැනල් නයින්වල මාව පිරිවරා ගෙන සිටින්නේ විශාරදයෝයි.
මම විශාරදයෙක් නෙවෙයි. මම ක්‍රිකට් ලෝලියෙක්. ක්‍රිකට් ලෝලියෙක් හැටියට මම
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් තියා ගන්නවා පමණක් නෙවෙයි මම එයාව නායකයා
කර ගන්නවා. අනෙක් කාරණාව වන්නේ මේ ග්‍රීෂ්ම සෘතුවේ කිසිම දෙයකින් මයික් හසීව
අයින් කරලා තියන්නේ කොහොමද කියලා ක්‍රිකට් ලෝලියෙක් හැටියට මම දන්නේ නැහැ”
ක්‍රෝලි කියයි.
ශ්‍රී ලංකා එක්දින ක්‍රීඩකයෝ පැමිණෙති
මේ අතර ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගමාලාව සඳහා සහභාගි වන ශ්‍රී ලංකා
ඉතිරි ක්‍රීඩකයන් වන උපුල් තරංග, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස් හා කුෂල් ජනිත්
පෙරේරා ඊයේ රාත්‍රි මෙහි පැමිණීමට නියමිතව තිබිණි.
0 comments:
Post a Comment