Photobucket

Tuesday, January 8, 2013

හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් හදිසි පුවත්පත් සාකච්ඡාවක්

හසිත මඩවල මන්ත‍්‍රීවරයාගේ ඝාතනය වෙනතකට යොමු කිරීමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා. ඒ වගේම මේ මරණය පිටුපස විශාල කුමන්ත‍්‍රණයක් තියෙනවා.” යනුවෙන් කැලණිය ප‍්‍රදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසූවේ (08) පෙරවරුවේ කැලණිය ප‍්‍රාදේශීය සභා කාර්යාලයේ පැවැති හදිසි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.  

වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණවීර මහතා සිංගප්පූරු සරත් කියන්නේ මර්වින් සිල්වා ඇමැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයායි. මේ වනවිට ප‍්‍රධාන සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම් හා පොලිස්පතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපට දැනගන්න ලැබුණා විශාල අවි ප‍්‍රමාණයක් පොලිසියට සොයා ගන්නට ලැබුණා කියා. එයින් පේන්නේ මොවුන් අපිවද ඝාතනය කරන්නට සැලසුමක් තිබුණු බවයි. ඉන් අනතුරුව අදහස් දැක්වූ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ලංකා විජිත කුමාර මහතාහසිත මන්ත‍්‍රීවරයා නිර්භීත පියවරක් ඉදිරියට තැබුවා. 

එතුමා කිව්වා ඔහුගේ ජීවිතයට අනතුරක් සිදු වුවහොත් එයට මර්වින් සිල්වා අමාත්‍යවරයා වගකිව යුතුයි කියා. ඒ වගේම මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සුජාත මිතුරෙක් වන සිංගප්පූරු සරත්වයි. මේ අත්අඩංගුවට ගැනීම ගැන අපි සතුටුයි. අපිට අද මර්වන් සිල්වා අමාත්‍යවරයාට ඇමැතිතුමා කියන්න ලැජ්ජයි. මේ පරීක්ෂණය ඉවර වෙනකම් කැලණියේ ජනතාව නොඉවසිල්ලනේ බලා සිටිනවා. හසිත මන්ත‍්‍රීවරයා අහිංසකයෙක්. ඔහු කැලණිය ජනතාව වෙනුවෙන් දිවි පිදුවා. මෙහි ප‍්‍රධානම සැකකරු අත්අඩංගුවට ගන්නා තෙක් අපේ සටන අත් හරින්නේ නැහැ.”   චතුර ධනුෂ්ක මන්ත‍්‍රීවරයා කථාකරමින් මේ වනවිට අපට සැකයි කැලණියේ පසුගිය කාලයේ සිදුවූ අපරාධවලට මොවුන් සම්බන්ධද කියලා. ඒ වගේම සමෘද්ධි නිලධාරියා ගැට ගැසීම වගේ සිදුවීම්වලින් මර්වින් සිල්වා අමාත්‍යවරයා ගැලවුණා. ප්‍රධාන සැකකරවන් අත්අඩංගුවට ගත්තේ නැත්නම් අදාළ පරීක්ෂණ ඉදිරියට කරන්න අමාරු වෙයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් කප්පම් ගැනීම් වැනි අපරාධවලට සම්බන්ධ අයයි. නමුත් සමහර විට මර්වින් සිල්වා අමාත්‍යවරයා කියයි “මම මොවුන් හඳුනන්නේ නැහැ” කියලා. ඒ වුණාට කැලණිය ජනතාව බලාගෙන ඉන්නවා මෙයට සාධාරණයක් ඉටුවෙයි කියලා.”උප සභාපති චමිල දුමින්ද මහතා අදහස් දක්වමින්  “මගේ නිවසට පහර දුන් වෙලාවේ මේ සිංගප්පූරු සරත් කියන පුද්ගලයාව අත් අඩංගුවට ගත්තා. ඒත් මොවුන් නිදහස් කරන්න කියා පොලිසියට අනිසි බලපෑම් ඇති වුණා. ඒ අනුව පේනවා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමග ඉන්නේ සොරුන්, කප්පම්කරුවන් වැනි අය කියලා. 

මොවුන් මුදල්ම සොයාගෙන යන පුද්ගලයන්. ඒ නිසයි මෙයට වසරකට කලින් අපි මොවුන්ගෙන් ඉවත් වෙන්න තීරණය කළේ.” හසිත මඩවල මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය  (09) පස්වරු 2 කැලණිය ප‍්‍රදේශීය සභාව වෙත රැගෙන ඒමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සවස 4 ට පිලපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all