දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ ඉදිවූ දකුණු ආසියාවේ පළමු
බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී ආසියානු බේස්බෝල් තරගාවලියක් මේ වසරේ දී
පැවැත්වීමට ජපාන – ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය කටයුතු කරන බව සභාපති සුජීව
විජයනායක මහතා පවසයි.
ජපාන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය ගොඩ නැගී වසර 60ක් පිරීම
නිමිත්තෙන් ඉදිවූ මේ බේස්බෝල් පිටිය ජපානයේ අධාර මත ඉදිවූවකි. ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා විසින් බේස්බෝල් ක්‍රීඩාංගණය සෑදීමට අවශ්‍ය ඉඩම
ලබාදීමෙන් අනතුරුව ඉතා කෙටි කලක් තුල ඉදිවූ මේ බේස්බෝල් පිටිය ශ්‍රී ලංකා
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු විශාල දායදයකි.
ක්‍රීඩාංගණය විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකා - ජපාන සුහද බේස්බෝල් තරගයක්
පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ බේස්බෝල් විනිසුරුවන් 69කට ජපාන නියෝජිතයන්
පිරිසක් විශේෂ පුහුණු කඳවුරක් ද පැවැත්විය.
එමගින් බේස්බෝල් ක්‍රීඩාවේ නව
නීතිරීති පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා බේස්බෝල්
විනිසුරුවන්ට ඵලදායි අත්දැකීමක් විය.
මේ වැඩසටහන් සම්පාදනය කිරීමේදී ජපන් - ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති
සුජීව විජයනායක මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේය.
ශ්‍රී ලංකාව තුළ බේස්බෝල්
ක්‍රීඩාංගණය ඉදිකිරීමට ද පුරෝගාමියකු වූ ඒ මහතා සේවය කරන ජපානයේ කමෙනොයි
හෝටල් ජාලයෙන් රුපියල් ලක්ෂ 85ක් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතුවලට ප්රදානය
කිරීම කැපී පෙනුණි.
ජයිකා ආයතනය හරහා ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්වලට ලබාදුන්
එම රුපියල් ලක්ෂ 85ට හැර බේස්බෝල් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් තව තවත් ආධාර
කිරීමට විජයනායක මහතා මේ දිනවල කටයුතු කරමින් සිටින බව 'දිනමිණ'ට පැවැසීය.
ජපානයේ බේස්බෝල් විනිසුරු පාසලකින් මුල් පෙලේ බේස්බෝල් විනිසුරුවරයකු ලෙස
බිහිවූ විජයනායක මහතා වසර 1999 දී කොළඹ ආනන්ද විදුහලෙන් බේස්බෝල් ක්‍රීඩාවට
එක්විය.
2012 වසරේ දී ආනන්ද විදුහලේ බේස්බෝල් නායකයා වූ සුජීව විජයනායක මහතා
පසුව විදුහලේ බේස්බෝල් පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.
ශ්‍රී ලංකාව බේස්බෝල් ක්‍රීඩාවේ ජගත් ශ්‍රේණිගත කිරීම අනුව 30වැනි ස්ථානයේ පසුවන
අතර තව තවත් පහසුකම් වැඩිකර ඉදිරියට ගැනීම තම අරමුණ බව සුජීව විජයනායක
මහතා පවසයි.
ආසියානු බේස්බෝල් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මුළු
ලෝකයේම අවධානය බේස්බෝල් ක්‍රීඩාවෙන් දිනාගැනීමට හැකිවන බව ක්‍රීඩාවට ආදරය
කරන සුජීව විජයනායක මහතාගේ විශ්වාසය වේ.
0 comments:
Post a Comment