Photobucket

Friday, January 11, 2013

රිසානාගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු ධනපති ක්‍රමය රකින රාජපක්‍ෂ පාලනයයි

රිසානා නµSක්‌ තරුණියගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු ධනපති ක්‍රමය ආරක්‍ෂා කරන මහින්ද රාජපක්‍ෂ පාලනය බව ජනතා විමුක්‌ති පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

රිසානාගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු වන්නේ, ඇගේ පවුලේ අය ඇතුළු ශ්‍රී ලංකාවේ පවුල් ලක්‍ෂ 40 ක්‌ ගිල්වනු ලැබ ඇති දරිද්‍රතාවයයි. ඒ දරිද්‍රතාවය ගෙන ආ ධනපති ක්‍රමය ආරක්‍ෂා කරන මහින්ද රාජපක්‍ෂ පාලනයයි.

එයට ඇති විසඳුම ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් එජාපයත් ඒ පක්‍ෂවලට සහාය දෙන පක්‌ෂත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීම සඳහා යයි කියමින් තෝරාගෙන ඇති ක්‍රියාමාර්ගයක්‌ වන්නේ වහල් සේවය සඳහා කාන්තාවන් පිටරට පැටවීමයි. සොච්චම් වැටුපක්‌ වෙනුවෙන් මේ කාන්තාවන් තම පවුල් ජීවිතය ද තම දූ පුතුන් ද වසර ගණනාවකට හෝ අතහැර යන්නේ එජාප, ශ්‍රීලනිප පාලනයන් විසින් අනුගමනය කරන ලද හා ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී මෙන්ම අමානුෂික ප්‍රතිපත්ති හේතුකොට ගෙනය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි රැකියා විරහිත තරුණ තරුණියන්ට සහන සැලසීමට කිසිසේත්ම සමත් වී නැති නිසාය. රැකියා විරහිත ජනතාවට ගරු කටයුතු රැකියා සපයා වහාම සහන සලසන ලෙස අපි ජනාධිපතිවරයාටත් ආණ්‌ඩුවටත් බල කරමු.

රිසානා තරුණිය සෞදි අරාබියේදී ගෙල සිඳ දැමීමට ලක්‌වීම පිළිබඳ වරදට වගකිවයුතු අය අතර ජනාධිපතිවරයා හා ආණ්‌ඩුව ඉදිරියෙන්ම සිටී. රිසානා තරුණියගේ මවට, පියාට හෝ ඥතීන්ට කිසියම් මුදලක්‌ පිරිනමා එම පවුලේ අයද පොදුවේ ජනතාවද මුළා කිරීමට උත්සාහ නොගත යුතු බවද අපි අවධාරණය කරමු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all