ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී විසිතුන්
හැවිරිදි තරුණියක පැහැරගනු ලැබ සමූහ දූෂණයට ලක්කර මරාදැමීම සම්බන්ධයෙන්
චෝදනා ලැබ සිටින සැකකරුවන් පස්දෙනාගෙන් තිදෙනකු තමන්ට එරෙහිව එල්ලවී ඇති
සියලුම චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂී බව අධිකරණය හමුවේ කියා සිටීමට
බලාපොරොත්තු වන බව වාර්තා වේ.
මේ බව ප්‍රකාශ කරමින් ඔවුන්ගේ නීතිඥයා පවසා ඇත්තේ ‘මුකේෂ් සිං’, ‘ආක්ෂේ තාකූර්’ හා ‘රාම් සිං’ යන මේ තිදෙනාට සාධාරණ විනිශ්චයක් හිමිවිය යුතු බවයි. ඉකුත් සඳුදා මොවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කෙරුණු අතර මීළඟ නඩු විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.
0 comments:
Post a Comment