මහියංගණ අරාවත්ත 48 කනුව ප්‍රදේශයේ දී රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී
සිටිමින් මැණික් ගලකට සමාන සුවිශේෂී ගලක් කොල්ල කෑ බව කියන පොලිස්
කොස්තාපල්වරයෙක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මහියංගණ පොලිසිය මඟින්
අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබූ අත් විලංගුවක් ද අත්අඩංගුවට ගෙන ඇත. බණ්ඩාරවෙල
පොලිසියට අනියුක්තව සේවය කරන මහියංගණ සොරබොර ප්‍රදේශයේ පොලිස්
කොස්තාපල්වරයකු සහ එම ප්‍රදේශයේම දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි
මහියංගණ පොලිසිය සඳහන් කළේය. මොවුන් අරාවත්ත 48 කණුව ප්‍රදේශයේ පුද්ගලයකු
සමඟ මැණික් ගලක් මිලදී ගැනීමට කථා කරගෙන, පසුව මෙසේ මැණික් ගලකට සමාන රතු පැහැති
ග්‍රෑම් 500ක් පමණ බරැති මෙම සුවිශේෂි ගල කොල්ලා ඇතැයි ද පොලිසිය කීය.
ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ්, බදුල්ල සහකාර පොලිස් අධිකාරි
ධ්ධ්ධ් සරත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණ පොලිසිය පරීක්ෂණ
පවත්වයි.
0 comments:
Post a Comment