Photobucket

Thursday, January 3, 2013

ගුරුවරිය සහ දරුදෙදෙනා ඝාතනයේ සැමියා පෙම්වතිය සමඟ කොළඹ හෝටලයක හිටිය හැටි

සී.සී.ටී.වී. කැමරාවෙන් අහුවෙලා...

ලැප්ටොප් පරිගණක දුරකථන අධිකරණයට...

පසුගිය දෙසැම්බර් 17 වැනිදා රත්මලාන කල්දමුල්ල ප්‍රදේශයේ 31 හැවිරිදි පාසල් ගුරුවරියක වන බිරිඳ සහ තුන් හැවිරිදි හා මාසයක්‌ වයසැති දරු දෙදෙනා ඝාතනය කිරීම පිළිබඳ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එහි සැකකාර සැමියා සිය පෙම්වතිය සමඟ කොළඹ පිහිටි ආපන ශාලාවකදී 2012-12-15 දින ආහාර ලබාගත් බවට එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා මගින් තහවුරු වී තිබෙන බව අපට දැනගන්නට ලැබුනා.

එහි පිටපතක්‌ ලබාගැනීමට සහ එහි සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ආපන ශාලා කළමනාකරුට නියෝග කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියා.

සැමියා භාවිත කළ ලැප්ටොප් පරිගණක තුනක්‌, ජංගම දුරකථන තුනක්‌, ඩොන්ගල් දෙකක්‌, පෙම්වතිය භාවිත කළ ජංගම දුරකථන දෙකක්‌ අධිකරණයට ඉදිරිපත් කළා. පෙම්වතිය භාවිත කළ එක්‌ ජංගම දුරකථනයක්‌ සැකකරු විසින් ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබුණා.

එම සවිස්තර සිද්ධිය මෙසේයි..

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all