Photobucket

Thursday, January 3, 2013

ඉංජිනේරු හා NDT සිසුන්ට මොරටු සරසවිය තාවකාලිකව තහනම්

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අධ්‍යාපන ආයතනයේ සිසුන්ට ඊයේ (2) සිට විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ.

ඉංජිනේරු පීඨයේ හා ජාතික තාක්ෂණ ආයත‍නයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (01) රාත්‍රී 10ට පමණ ඇති වූ කළහකාී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මේ පියවර ගත් බව උපකුලපති මහාචාර්ය  ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා පැවසීය.

තාක්ෂණික ආයතනය ද විශ්වවිද්‍යාල භූමියේම පවත්වාගෙන යන අතර එහි සිසුවකු යතුරු පැදියකින් විශ්වවිද්‍යාල භූමියට ඇතුලු වීම මුල් කගෙන මේ ගැටුම හට ගෙන තිබේ.

මේ සිද්ධිය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය වසා දමා ඇති බවට රාවයක් පැතිරෙන බවත් එහි කිසිම සත්‍යතාවක් නොමැති බවත් පවසන ජයවර්ධන මහතා තොරතුරු තාක්ෂණ පීඨය වාස්තු විද්‍යා පීඨය ඇතුලු අනෙකුත් පීඨවල අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි සිදු වන බවත් කීවේය.

ඉංජිනේරු පීඨයේ හා තාක්ෂණික ආයතනයේ සිසුන්ට පමණක් විශ්වවිද්‍යාල තහනම් කලාපයක් බවට පත් කළේ එම සිසුන් අතර වු ගැටුම දුරදිග යෑම වැළැක්වීම සඳහා යැයි ද හෙතෙම කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසියට තොරතුරු ලැබී ඇති වත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා "දිනමිණ" ට පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all