පෞද්ගලික
රෝහල්වලට
පාරිභෝගික
අධිකාරියෙන්
රතු එළියක්
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝගියාට නිකුත් කරන බිල්
පතේ ගාස්තු පිළිබඳ සවිස්තර වාර්තාවක් ඇතුළත් කළ යුතු බවට පාරිභෝගික
අධිකාරිය එම රෝහල්වලට දැනුම් දීමට යයි.
ඇතැම් පෞද්ගලික රෝහල්වලින් නිකුත් කරන බිල්පත්වල ගාස්තුව රෝගියාට දරා ගැනීමට
නොහැකි තරම්ය.
ඇතැම් රෝහල් ඒ සඳහා අසාධාරණ ලෙස විවිධ ගාස්තු ඇතුළත් කර ඇතැයි පැමිණිලි විශාල
ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය වෙත ලැබී තිබේ.
එම පැමිණිලිවල සඳහන් පරිදි රෝහල් ගාස්තු හරහා එම රෝහල් අහිංසක රෝගීන් ගසා කෑමට ලක් කරන බවද කියති.
සාමාන්‍ය රෝගියකු පෞද්ගලික රෝහලකට ඇතුළත් කර දින දෙක තුනක් ගතවන විට රෝහල්
බිල විසි තිස්දහස ඉක්මවා යයි. එහෙත් මේ කිසිදු බිලක එම ගාස්තුව එකතු වූ ආකාරය
සඳහන් නොවේ.
මේ නිසා එම බිල එකතු වූ ආකාරය කෙසේද ? රෝගියාට ලබාදී ඇති ප්‍රතිකා මොනවාද? ඒවායේ
මිල ගණන් අනිවාර්යයෙන්ම සඳහන් විය යුතු යැයි පාරිභෝගික අධිකාරිය කියයි.
එසේම රෝගී පරීක්ෂාවට යන වියදම් පිළිබඳව රෝගියා හෝ ඔහුගේ භාරකරු
අනිවාර්යයෙන්ම දැනුවත් කළ යුතු ද වෙයි.






0 comments:
Post a Comment