මාතලේ දිස්ත්‍රික්කයේ පැවති අධික වැස්ස නිසා නාය යෑම්, ගිලා බැසීම් හා ජල ගැලීම්
නිසා ප්‍රදේශ 189 ක පවුල් 127 ක් ඉවත් කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ අංශයේ
නිලධාරීන්ගේ සමීක්‍ෂණය අනුව නිර්දේශ කර ඇති බව භූ විද්‍යාඥ එච්. සී. යූ.
මොරේමඩ මහතා සඳහන් කරයි.
මේ අනුව නිවාස විශාල ප්‍රමාණයක් පූර්ණ හා අර්ධ හානි වශයෙන් සිදුව ඇති අතර,
නිවාස 65 ක් ස්්ථාවර කරන්නත් නිර්දේශ ලබා දී ඇත.
රත්තොට, නාවුල, උකුවෙල හා මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දැඩි ලෙස හානියට පත්ව
ඇත. මෙම ප්‍රදේශවල ඇති නාය යෑම්, ගිලා බැසීම් ආදිය සඳහා නාය යෑම් අංශයේ සමීක්‍ෂණ
කණ්ඩායම් 4ක් පරීක්‍ෂණ කර ඇති අතර, ඉදිරියේ දී එම වාර්තා අනුව කටයුතු
ක්‍රියාත්මක වේ. ප්‍රදේ්ශයේ නාය යෑම් 80 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව
එම්. සී. යූ. මොරේමඩ මහතා පැවසීය.
0 comments:
Post a Comment