රථවාහන අමතර කොටස් ආනයනකරුවකුගෙන් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගත් රේගු
නිවාරණ අධ්යක්ෂවරයකු එම මොහොතේම අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ
නිලධාරීන් ඊයේ (03) සමත් වූ බව අල්ලස් කොමසාරිස් ජයන්ත වික්රමරත්න මහතා
දිනමිණට පැවසීය.
වාහන අමතර කොටස් ගෙන්වන ආනයනකරුවකුගෙන් ආනයනය කළ අමතර කොටස්, රේගුවෙන්
නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක අල්ලසක් මේ රේගු අධ්යක්ෂවරයා ඉල්ලා ඇති
අතර එම මුදල ලක්ෂ 20 දක්වා අඩු කිරීමෙන් පසු එම අල්ලස් මුදලින් ලක්ෂ 10ක් ලබා
ගනිද්දීම අල්ලස් නිලධාරීන් රේගු අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුව අදාළ රේගු අධ්යක්ෂවරයා
අත්අඩංගුවට ගත් බව වික්රමරත්න මහතා කීය. මෙසේ අත්අඩංගුට පත් වූයේ රේගු නිවාරණ
අධ්යක්ෂ කේ. රංජන් නමැත්තෙකු බවද අල්ලස් කොමසාරිස්වරයා පැවසීය.
අල්ලස් පැමිණිලි සම්බන්ධයෙන් රේගු නිවාරණ අධ්යක්ෂ වරයකු අත්අඩංගුවට පත් මුල්ම අවස්ථාව මෙය බවද වික්රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
0 comments:
Post a Comment