Photobucket

Tuesday, January 1, 2013

වැසි දිය පිරුණු වළේ දිය නෑමට ගිය පුද්ගලයා මරුට

තිස්‌සමහාරාම කිරින්ද විහාරය අසල වැසි ජලය එකතුවන වළක දිය නෑමට ගිය ලාබාල වියේ තරුණයන් තිදෙනකුගෙන් එක්‌ අයකු පෙරේදා (30 දා) සවස දියේ ගිලී මියගොස්‌ තිබේ. මෙසේ මියගොස්‌ ඇත්තේ බේරුවල කෑලවිල කන්දගම ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි හෙට්‌ටිආරච්චිගේ ලහිරු ප්‍රියශාන් නමැති දහසය හැවිරිදි අයෙකි.

ඔහු පවුලේ ඥතීන් සමග කතරගම වන්දනාවේ පැමිණ කිරින්ද විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දී වැඩිහිටියන්ට හොරෙන් තවත් මිතුරන් දෙදෙනකු සමග දිය නෑමට ගොස්‌ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා ඇත.

දියේ ගිලී මියගිය තරුණයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන තිස්‌සමහාරාම රෝහලට රැගෙන විත් තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all