Photobucket

Tuesday, January 1, 2013

කුරුඳු කන්නේ බලාගෙනයි

වල් ගස් පොතු කලවම් කරන ජාවාරමක තතු හෙළි වෙයි

ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේදී වල් ගස්වල පොතුවලින් සකස් කරන ලද ව්‍යාජ කුරුඳු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු ත්‍රිරෝද රථයක් ද සමඟින් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ (31) මාර්ග පරීක්ෂාවේ සිටි ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඩී. එන්. කරුණාරත්න මහතා ප්‍රමුඛ නිලධාරීහු මෙම වැටලීම සිදුකර ඇත. නියම කුරුඳු කුරුඳු මිටියේ පෙනෙන ආකාරයට අසුරා කුරුඳු මිටියේ මැදට වෙනත් ගස්වල පොතු කුරුඳු ලෙස සකස් කර දැමීමේ මේ ජාවාරම කලක් තිස්ෙස් සිදුකර ගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. 

මේ ආකාරයට වෙළෙඳපොළට කුරුඳු අපනයනය කිරීම නිසා ලංකාවේ කුරුඳුවලට ලොව පවතින කීර්තිනාමයට හානි සිදුවනු ඇත. ඒ නිසා මේ ජාවාරම නතර කිරීමට පියවර ගන්නා බව කරුණාරත්න මහතා පවසයි. ව්‍යාජ කුරුඳු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර ව්‍යාජ කුරුඳු තොගය සැකකරුවන් දෙදෙනා සහ ත්‍රිරෝද රථය  (31) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all