Photobucket

Tuesday, January 1, 2013

රණවිරු රියල් ස්ටාර් - 3 3 වටය පවත්වනවා

එළැඹෙන නව වසරේ ඉටු කරගත යුතු අලුත් බලාපොරොත්තු, ප්‍රාර්ථනා විශාල ප්‍රමාණයක් මගේ හිතේත් තිබෙනවා. විශේෂයෙන් ජනපතිතුමා රට සංවර්ධනය කරමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් රට සාමකාමීව සෞභාග්‍යමත්ව ඉදිරියට ගෙන යාමට උරදීම මගේ පළමු බලාපොරොත්තුවයි. 

රට දියුණු වුණොත් රට හැදුණොත් අපි හැමදෙනාම දියුණු වෙනවා. මේ කාර්යය වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට විශාල බලාපොරොත්තුවක් මගේ හිතේ තිබෙනවා. 

ඒ වගේ ම මගේ පෞද්ගලික ජීවිතයේත් 2013 දී ඉටු කරගත යුතු ප්‍රාර්ථනා ගොඩක් තිබෙනවා. මම හිතන්නේ 2013 අවුරුද්ද ඉතාම හොඳ සුබ දායක වර්ෂයක් කියලයි. 

ඒ වගේ ම ‘රණවිරු රියල් ස්ටාර්ස් - 3’ වන වටය එළැඹෙන නව වසරේ දී පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරවල පැවැත්වූ වට දෙකටම වඩා නිර්මාණශීලීව තරගකාරීව පවත්වන්නට මෙවර අපි සැලසුම් කොට තිබෙනවා. 

ඒ වගේම මේ රටේ හැමදෙනාම පක්ෂ, කුල මල ජාති භේදවලින් තොරව ශ්‍රී ලාංකිකයන් හැටියට ඉදිරියට ගියොත් එය මේ රටේ ඉදිරි ගමනට විශාල අත්වැලක් වේවි. එසේ ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 

ලේක්හවුස් ආයතනය ආරක්ෂක අමාත්‍යාංශයටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයටත් පෞද්ගලිකව මටත් ඉතාම ලෙන්ගතු ආයතනයක්. මේ ආයතනය ලබන වසරේ තවතවත් දියුණු වෙලා ඉදිරියටම යන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all