රුපියල් දාහත් ලක්‍ෂ පනස් නවදහසක පමණ විදුලි බිලක් ලංකා
විදුලිබල මණ්‌ඩලය වෙත ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සෞඛ්‍ය
අමාත්‍යාංශය (10 දා) විදුලිය විසන්ධි කිරීමේ
අවදානමකට මුහුණ පෑවේය.
අදාළ විදුලි බිල ගෙවීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් විදුලිබල මණ්‌ඩල නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදුලිය විසන්ධි කිරීම සඳහා (10 දා) කොළඹ 10, "සුවසිරිපායේ" පිහිටි අමාත්‍යාංශ ගොඩනැඟිල්ල වෙත ගොස් ඇති අතර එම බිල්පත ගෙවීම සඳහා දින 3 ක කාලසීමාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් මත එම කාල සීමාව ලබා දීමට විදුලිබල මණ්‌ඩල නිලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාළ බිල්පතෙන් කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් (11 දා) දිනයේ ගෙවීමට පියවර ගත් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.
0 comments:
Post a Comment