ලංකාවේ දූෂණයට ලක්වන කාන්තාවන්ගේ ඛේදවාචකය
පසුගිය දෙසැම්බර් 16 දින රාත්‍රියේ සය දෙනකු වෙතින් දූෂණයට ලක් වෙමින් සහ අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් ඝාතනය වූ ඉන්දියානු යුවතිය නිසා සමස්ත ඉන්දියාවම මහත් කැළඹීමකට පත්ව තිබිණි. අවසානයේ මේ හේතුව මත ඉන්දියානු අගමැති මන්මෝහන් සිංට මෙන්ම එරට පාලක කොංග්‍රස් පක්ෂ නායක සෝනියා ගාන්ධිට පවා ජනතාව හමුවේ පෙනී සිටීමට සිදු විය.
අපේ
රටේත් බොහෝ කාන්තාවෝ ලිංගික අතවරවලට දිනපතාම පාහේ ලක්වෙති. නමුත් එයින්
දේශපාලන ලෝකය තබා සාමාන්‍ය ජනයාවත් මෙතරම් කැළඹීමකට ලක් නොවීම පිළිබඳව අපේ
කාන්තාවන් ලතැවිල්ලෙන් කතා කරනු නිසැකය.
මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වීමක යෙදුණු ප්‍රකට සමාජ විද්‍යාඥයකු වන ජගත් වැල්ලවත්ත මහතා කීවේ මෙවැනි අදහසකි.
ඉන්දියාවේ මේ සිදුවීම ගැන බලනකොට එම සිදුවීමට සම්බන්ධ වෙන්නෙ දේශපාලන හෝ සමාජ බලයක් හෝ නැති කණ්ඩායමක්. මේ වෙනුවෙන් මේතරම් ලොකු හඬක් නගන්නට මිනිසුන්ට හැකි වුණේ ඒ නිසා. මං එහෙම කියන්නෙ මේකයි.
කණ්ඩායමක් ලෙස ස්ත්‍රීන් දූෂණයට ලක්කිරීම ඉන්දියාවට අලුත් අත්දැකීමක් නොවෙයි. අපේ රටට වඩා ඉතාම ඉහළ මට්ටමකින් ඉන්දියානු කාන්තාව පුද්ගල කණ්ඩායම් වෙතින් දූෂණයට ලක්වීම නිරන්තරයෙන් සිදු වෙනවා. නමුත් ඒ කණ්ඩායම්වල දේශපාලනඥයන් ඇතුළු බල පුළුවන්කාරයන් සිටින විට ඒවා සමාජය තුළින් වගේම එම නඩු අධිකරණය තුළින්ද යටපත් වී යාමයි සිදුවන්නෙ. ඒ පීඩනය වෛරයක් ලෙසින් ඉන්දියානු සාමාන්‍ය ජනතාව තුළ කැකෑරෙමින් පැවතියා. මේ සිද්ධියට සම්බන්ධ වුණේ සාමාන්‍ය සමාජයේ පුද්ගල කණ්ඩායමක්. ඒ අනුව මීට විරුද්ධව ඉදිරියට එන්නට උද්ඝෝෂණය කරන්නට මිනිසුන්ට කාගෙන්වත් බලපෑමක් තිබුණෙ නෑ. මේ පුපුරා ගියේ මෙම යුවතියට පමණක් නොව සමස්ත ඉන්දියාවේම නිරන්තරයෙන් දූෂණයට ලක්වන කාන්තාවන් සම්බන්ධ පීඩනයයි.
අපේ රටේ කාන්තාවන් දිනකට දළ වශයෙන් 4-5 දෙනෙක්වත් දූෂණයට ලක් වන බව පොලිස් වාර්තා මගින් පැහැදිලි වන්නේ යැයි වැල්ලවත්ත මහතා පවසයි. පසුගිය 2011 වසරේ මෙය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇත. පොලිස් වාර්තාවල ස්ත්‍රී දූෂණ පිළිබඳව සටහන් වන්නේ කරුණු කිහිපයක් යටතේය. ඒ දූෂණයකොට මරා දැමීම, දූෂණය කිරීම, දූෂණයට තැත් කිරීම, හිරිඔතප් බිඳීම ආදී වශයෙනි. මෙහිදී දූෂණයට තැත් කිරීමද දූෂණයක් ලෙස මාධ්‍ය මගින් හෙළිදරව් වන්නට බැරිකමක් නැත.
කෙසේ වුවද ඉන්දියානු සිදුවීම කෙරෙහි අප මේ තරම් සංවේදී වුවත් අපේ රටේ ස්ත්‍රී දූෂණ දැන් අපේ සාමාන්‍ය සමාජයට ඉතා සරල සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි වැල්ලවත්ත මහතා පවසයි.
පසුගිය 31 දා රාත්‍රියේ වේදිකා නිළියක් කටුනායක ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එන අතරමගදී සිව් දෙනකු විසින් පැහැර ගනු ලැබ දූෂණයට ලක් වීමක් පිළිබඳව සිංහල වබේ අඩවියක දැකගත හැකි විණි.
අපේ රටේ කාන්තාවන් දූෂණයට ලක්වීමෙන් ලබන පීඩනයට නොදවෛනි පීඩනයක් ඒ සම්බන්ධ නඩුවේ දී සහ මාධ්‍ය මගින් මෙය ප්‍රසිද්ධ වීමේ දී ඇයට අත්විඳින්නට සිදුවෙයි. ඉන්පසු දූෂණයට ලක් වූ තරුණියක් ලෙස සමාජය තුළ හංවඩු ගැසෙන ඇගේ සමස්ත ජීවිතය පුරාම ඕනෑම වැදගත් සිදුවීමකදී මේ සිද්ධිය පෙරට එන්නේ ඇය තවදුරටත් දිගින් දිගටම පීඩනයට පත් කරමිනි. ඒ අනුව එම කාන්තාවට මුළු ජීවිතය පුරාම යළි යළිත් එම අවාසනාවන්ත අත්දැකීමේ දෝංකාරය අත්විඳින්නට සිදුවෙයි. මේ නිසා දූෂණයට ලක් වුවත් අධිකරණයේ පිහිට ඉල්ලනවාට වඩා ඒ සිද්ධිය හැකිතාක් සමාජයෙන් වසන් කරගෙන දූෂණය නිසා සිදු වූ කායික මානසික අලාභය විදදරාගැනීම වඩා නුවණැති පියවරක් ලෙස එම කාන්තාවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයද සැලකීම අරුමයක් නොවේ. දූෂණයට ලක් වූයේ අවිවාහක තරුණියක් නම් කෙදිනක හෝ ඇය විවාහ වන්නට සූදානම් වන විට 'අපෝ ඔය අර දූෂණයට ලක්වුණු ගෑනු ළමයා නේද? යි කියමින් මනාලයාගේ පාර්ශ්වය තුළින් ඇය යළිදු මානසික වශයෙන් දූෂණයට ලක් වනු ඇත. එපමණකින් නොනැවතී එම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ ඇයට විවාහයක් වීමට පවා අවකාශ නොතබා ඇගේ ජීවිතය තවදුරටත් අඳුරටම ඇද දමමිනි. එනිසා අපේ රටේ කාන්තාව දූෂණයට ලක්වීම හා සමානම වේදනාවක් , කම්පනයක් හා කලකිරීමක් ඉන්පසු මුළු ජීවිතය පුරාම අත්විඳින්නට සිදුවීම ලොකුම ඛිෙදවාචකයක් නොවන්නේද?
ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානුවන් උද්ඝෝෂණවල යෙදුණේ එම තරුණියගේ නම හෝ පවුලේ තොරතුරු කිසිවක් හෙළි නොකරමිනි. මේ ආවරණය අපේ රටේ දූෂණයට ලක්වන අසරණ තරුණියන්ට අපේ සමාජය තුළින් සේම නීතිය තුළින්වත් හිමි නොවීම කනගාටුදායකය.
වැල්ලවත්ත මහතා පවසන අන්දමට අපේ රටේ දූෂණයට ලක්වන කාන්තාවන් පිළිබඳ ඛිෙදවාචකය ඔයකී තත්ත්වයට පමණක් සීමාවන්නේ නැත. දූෂණයට ලක් වූ කාන්තාව පිළිබඳව ඇතැම් පොලිස් නිලධාරීන් පවා තක්සේරු කරන්නේ ඇගේ තරාතිරම ගැනත් සලකා බලාය. ඉහළ හෝ සාමාන්‍ය මට්ටමේ රැකියා ලෙස පිළිනොගත් මට්ටම්වලට අයත් රැකියාවක නියුතු තරුණියක් දූෂණයට ලක් වුණොත් 'අපෝ ඔය ගෑනි ඕක ඕනකමින්ම කරගන්න ඇති , ඕවා ඔය ගෑනුන්ට ටොයිස් නේ ඔය කීවෙනි වතාවද දන්නෙ නෑ. දැන් බොරුවට පොලිසියට පැමිණිලි කරන්න ආවට, වැනි දෙයකින් එම දූෂණය ලඝු කොට දැක්වීම දුලබ තත්ත්වයක් නොවේ. එසේම පොලිසියෙන් මෙන්ම උසාවියේදී විත්තිය පාර්ශ්වයේ නීතිඥයන් හරස් ප්‍රශ්න ඇසීමේ දී කාන්තාවන්ගෙන් ප්‍රසිද්ධියේ අසන ඇතැම් ප්‍රශ්න ඔවුන් වාචිකවද තවදුරටත් හිංසනයට ලක් කිරීමක් සේ සැලකිය හැකිය.
පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා අපේ සමාජයේ කාන්තාවන් දූෂණයට ලක්වීම පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.
'1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයෙහි සංශෝධන පනතේ දූෂණය සම්බන්ධයෙන් කරුණු පහක් දක්වා තිබෙනවා. ඒ මරණ බය ඇතිකොට බලහත්කාරයෙන් දූෂණය කිරීම, මත් වී හෝ සිහි විකල්ව සිටි අවස්ථාවක කාන්තාවගේ කැමැත්ත ඇතිව වුවද ලිංගිකව එක්වීම, වයස 16 ට අඩු තරුණියකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව එක් වීම, නීතියෙන් දික්කසාද වී සිටින බිරිඳකගේ අකමැත්ත මත බලහත්කාරයෙන් එක් වීම, තමන් සැමියා ලෙස රවටා කාන්තාවක සමග ලිංගිකව එක් වීම මේ කරුණු පහයි. මේ අතරින් වැඩිපුරම වාර්තා වන්නේ බලහත්කාරයෙන් මරණ බය ඇතිකොට, දූෂණය කිරීම හා 16 ට අඩු තරුණියක් දූෂණය කිරීමයි. සෙසු කරුණු සම්බන්ධ සිද්ධි වාර්තා වන්නේ ඉතාම කලාතුරකින් .
සමරසේකර මහතා පවසන අන්දමට වැඩි වශයෙන්ම අපේ රටේ ස්ත්‍රී දූෂණ ලෙස වාර්තා වන්නේ වයස අවුරුදු 16 ට අඩු තරුණියන් දූෂණයට ලක්වීම සම්බන්ධවයි. මෙහිදී යුවතියගේ කැමැත්ත ඇතිව ලිංගිකව එක්වීම අද ඉතා බහුලව සිදුවන තත්ත්වයක් වී ඇති අතර නීතිමය පැත්තෙන් ගත් කළ එය අපරාධ වරදක් සේ සැලකෙන නිසා පොලිස් වාර්තාවල සඳහන් වන්නේ දූෂණයක් ලෙසිනි. ස්ත්‍රී දූෂණ මෙතරම් ඉහළ අගයක් ගන්නේ මේ නිසා බව සමරසේකර මහතා පවසයි. නමුත් 16 ට වැඩි යුවතියක විවාහ වන පොරොන්දුව මත ඇගේ කැමැත්ත මත ලිංගිකව එකතු වී පසුව ඇය අතහැර දැමීම දූෂණයක් සේ නොපිළිගැනේ.
කෙසේ වුවද ස්ත්‍රී දූෂණ මෙතරම් ඉහළ යාම සඳහා අපේ කාන්තාවන්ම ඊට දායකත්වය සපයන අවස්ථාවද දුලබ නොවේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමක යෙදුණු සමරසේකර මහතා මෙසේද කීය.
මෑතකදී මට එක රුපියල් පන්සියේ නෝට්ටුවක් හම්බ වුණා, ඒකෙ එක ගෑනු ළමයෙකුගේ නමත් එක්ක ජංගම දුරකතන අංකය අතින් ලියා තිබුණා. මේ ගැන පරීක්ෂා කරන්න ඕනවුණු නිසාම මං ඒ අංකයට මිස්කෝල් එක්ක දුන්නා. තත්පර ගණනක් ඇතුළත ඒ අංකයෙන් මගේ අංකයට ඇමතුමක් ලැබුණා. මේක කාගෙ වැඩක්ද කියල දැන ගන්නයි මට ඕන වුණේ . එය තමන්ම කරන ලද්දක් බව ඇය පිළිගත්තා. එතනින් එහාට ඒ තරුණිය ගැන මොකක්ද කතා කරන්න තියෙන්නෙ?
කාන්තාවන් දූෂණයවීම සම්බන්ධයෙන් කාන්තාවන්ගේ ද දායකත්වයක් ඇති බව සනාථ කරවන තවත් කතා ප්‍රවෘත්තියක් සමරසේකර මහතා පැවසීය.
එක්තරා ආයතනයක රැකියාවකට පැමිණි තරුණියක් ඇගේ පරිවාස කාලය තුළදීම එහි කාර්යාල කාර්ය සහයකයකු වෙතින් මෑතකදී දූෂණයට ලක්විය. වැඩිදුර විස්තර සොයා බලද්දී දැනගත හැකි වූයේ මෙම කාර්යාල සහයක තරුණයා එහි වැඩ කරන කාගෙ කාගෙත් සිත දිනාගෙන සිටි ප්‍රියමනාප පුද්ගලයකු බවයි. ඔහු අවිවාහකයකු වූ අතර ඔහුට ගැළපෙන මනාලියක සෙවීමේ කටයුත්ත කාර්යාලයේ අනිකුත් ලිපිකාරිනියන් භාරගෙන තිබිණි. ඉහත කී තරුණිය මෙහි සේවයට පැමිණියේ ඔය අතරතුරදීය. ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට මෙම තරුණයාට වුවමනා වී තිබුණත් ඇගෙන් ඊට එකඟත්වයක් ලැබි නොතිබිණි. නමුත් කෙසේ හෝ ඔහුට ඇය අවනත කරවා දෙන බවට කාර්යාලයේ ඔහුට හිතවත් ලිපිකාරිනියෝ පොරොන්දු වූහ. මේ තරුණයා සතුව ත්‍රිරෝද රථයක් තිබිණ. එමගින් ඔහු කාර්යාලයේ ලිපිකාරිනියන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ නිවෙස්වලට ඇරලවූ අතර මෙම කාන්තාවන් පෙර කී යුවතියවද බලෙන්ම වාගේ මේ ගමනට එක්කරගෙන තිබිණි. අන්තිමේ ඔවුන් එකිනෙකා ඇයට පෙර අතරමගින් බැස යන්නේ ඔහුට ඇය හා තනි වන්නට ඉඩ සලස්වාලමිනි. මෙබදු එක් දිනෙක ඔහු උපක්‍රමශීලීව පාළු නිවසකට ඇය රැගෙන ගොස් දූෂණය කර දින දෙකක්ම එහි රඳවා තබා ගෙන ඇත. සැකකරු දැන් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
සිය කැමැත්තෙන් යම් ළාබාල වයසක තරුණියක වුවද පිරිමියකුට බිලිවන්නේ නම් නීතිමය වශයෙන් කෙසේ වෙතත් සමාජමය වශයෙන් ඇයට අනුකම්පාවක් හිමි නොවෙයි. ඒ හැරුණු විට අපේ රටේ කාන්තාවන් දූෂණයට ලක්වීම හා ඉන්පසුව ඇයට ජීවිතයට මුහුණ දෙන්නට සිදුවන ආකාරය ගැන සැලකුවහොත් එය ඉතා ඛිෙදනීය මට්ටමක පවතින බව නම් නොකියාම බැරිය. වඩා කනගාටුවට කරුණ වන්නේ මේ ඇතැම් සිද්ධීනට කාන්තාවන්ම සෘජුව හෝ වක්‍රව සහයදීමය.
0 comments:
Post a Comment