Photobucket

Friday, January 4, 2013

බලපිටිය රෝහලට ගබ්සා කලල වළලන්න සුදුසු තැනක් දෙන්න

බලපිටිය මූලික රෝහලේ මළදරු උපත් සහ ගබ්සා කලල වලලා දැමීම රෝහල් භූ®මියේම සිදු කළ අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමෙන් රෝහල් භූ®මියේ ප්‍රමාණවත් නොවන නිසා ඒ සඳහා සුදුසු ස්ථානයක් සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි චන්දන ගජනායක මහතා බලපිටිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී පැවැසීය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ද වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මේ රැස්වීම පැවැත්විණි.

බලපිටිය ප්‍රාදේශීය සභභා මන්ත්‍රී සුනිල් විජේරත්න බලපිටිය නගරයේ සුනාමි අනතුරු හැඟවීමේ කුලුණක් ඉදිකරන්න අවසර දුන්නත් මෙතෙක් කුළුණ ඉදිකර නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු ජේ. සේනාධීර මහතා- හවරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී තිබෙන අතර කොස්ගොඩ කළපුවේ රෝන් මඩ ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා යන්ත්‍ර නැති නිසා පහත්බිම් සංවර්ධන මණ්ඩලයෙන් ඒවා ගෙන්වා ගත යුතුයි. 

ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් සමරජීව මහතා- අම්බලන්ගොඩ වාහන හොඳ ස්ථානයකින් ඉවත් කරන තෙල් මාදු ගඟේ කන්දේගොඩ ඇළට පැමිණීමෙන් ඇළේ මාළු මිය යනවා. මේ පිළිබඳ නිතර දැනුවත් කළත් තවමත් කිසිදු පියවරක් ගෙන නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත්ද වාස් ගුණවර්ධන මහතා

බලපිටිය ආසනයේ 2012 වසරේ ව්‍යාපෘතිවලින් කොතරම් ප්‍රගතියක් තිබෙනවාද? අවුරුදුචදකට කරන්න බැරි වැඩ ඉල්ලීමෙන් වැඩක් නැහැ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all