දකුණු ස්විට්සර්ලන්තයේ ඩායිලොන් ගම්මානයේ ඊයේ සිදුවු වෙඩි තැබීමකින්
තිදෙනෙකු ඝාතනයට ලක්වි තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය පවසයි .
මේ ඝාතනය සිදු කළ තුවක්කුකරු ඊට පෙර අධික ලෙස බිමත්ව සිටි බව වාර්තා වී තිබේ.
සිද්ධිය සැලවිමත් සමඟ එතැනට ගිය පොලිසිය සහ තුවක්කුකරු අතර සිදුවු වෙඩි
හුවමාරුවකින් තුවක්කුකරු තුවාල ලබා ඇත. වෙඩි තැබිමේදී තුවාල ලැබු දෙදෙනා සහ
තුවාල තැබු තුවක්කුකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .
මේ වෙඩි ප්‍රහාරය එල්ල කිරිමට හේතුව සහ තුවක්කුකරු කවුරුන්දැයි මෙතෙක්
නිශ්චිතව හඳුනාගෙන නැත. එහෙත් ඔහු එම ගම්මානයේම වයස අවුරුදු 30ක පමණ අයෙක් බව
ට තොරතුරු හෙළිවි ඇත.
0 comments:
Post a Comment