අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සංවිධානය කරන අන්තර් පාසල් මුහුදු
පිහිනුම් (කි.මී.2) තරගාවලිය මාදම්පාගම උස්මුදුලාව මංසන්දිය අසල මුහුදු
තීරයේදී මේ මස 13වැනිදා පැවැත්වේ.
තරගයේ ජයග්‍රහක පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක සඳහා ගුණසේන ද සිල්වා
අනුස්මරණ ශූරතා කුසලානය සහ ගර්ලි ජෝතිරත්න අනුස්මරණ කුසලානයත් හිමිවන
අතර මුල් ස්ථාන තුන සඳහා කුසලාන හා සහතිකපත්‍ර පිරිනැමෙන බව සංවිධායකයෝ
පවසති.
පිරිමි 1-15 දක්වා ස්ථාන සහ කාන්තා 1-8 දක්වා ස්ථාන හිමිකර ගන්නා තරගකරුවන්ට
හා තරගකාරියන්ට පදක්කම් පිරිනැමෙන අතර තරගාවලියට සහභාගිවන සියලුම
තරගකරුවන්ට සහතිකපත් හිමිවේ.
තරගාවලිය සඳහා ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා
පොලීසිය, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය හා පාසල් ජල ක්‍රීඩා සංගමය, රත්ගම
ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතන අනුග්‍රහය දක්වයි.
තරග අයැදුම්පත් විදුහල්පති, මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය, කුලීගොඩ,
අම්බලන්ගොඩ ලිපිනයට යොමුකළ යුතුබව සංවිධායකයෝ දන්වා සිටිති.





0 comments:
Post a Comment