කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය
කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් (08 වැනිදා) පැවැති
පළාත් සභා රැස්‌වීම උණසුම්කාරී තත්ත්වයක් ඇති විය.
බස්‌නාහිර පළාත් සභා රැස්‌වීම බත්තරමුල්ලේ පිහිටි සභා ශ්‍රවණාගාරයේදී එහි සභාපති සුනිල් විඡේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විය.
කැලණියේ මැර දේශපාලනය උග්‍ර ලෙස ඇතිවුණේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝර්ඡ් පෙරේරා මහතා අදහස් දක්‌වමින් විරෝධතා පුවරුවක් සභාවට ප්‍රදර්ශනය කිරීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
මෙහිදී එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාද අදහස් දක්‌වමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීද මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේදී මේ තත්ත්වය ඇතිවිය හැකි බව ජනතාවට දැනුම්දුන් බවද කීය. කැලණියේ දිගින් දිගටම ඇතිවන දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අදහස් දැක්‌වීම මෙම හසිත මඩවල මහතාගේ ඝාතනයට එක් හේතුවක් වූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
0 comments:
Post a Comment