රෝගියෙකු වෙසින් පැමිණ දීර්ඝ කාලයක් තිස්සේ මාතර රෝහලේ බාහිර අංශයේ රෝගීන්ගේ
මුදල් පසුම්බි සොරා ගත් කාන්තාවක් මාතර මහ රෝහලේ රෝහල් පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවක හල්මිල්ල ප්‍රදේ්ශයේ
පදිංචි 32 හැවිරිදි එක්දරු මවකි.
මැය මීට පෙරද 2004 වර්ෂයේ දී මේ චෝදනාවට හසුවී
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තැනැත්තියකි. ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ
ජංගම දුරකතන කිහිපයක්, මුදල් රුපියල් දස දහසක් ඇය සන්තකයේ තිබී ඇත. (03) දින
උදේ 9.30 ට පමණ බාහිර රෝගී අංශයේ රෝගී කාන්තාවක් මාතර රෝහල් පොලිසියට පැමිණ
මුදල් පසුම්බි සොරාගන්නා සැකකාර කාන්තාවක් පෝලිමේ සිටින බවට පැමිණිලි කර ඇත.මේ
කාන්තාව මාතර නගරයේ ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල රැඳී සිටිමින් දීර්ඝ
කාලයක් තිස්සේ මේ පොකට් ගැසීම සිදුකර ඇත.
0 comments:
Post a Comment