නිවසක් බිඳ
රුපියල් 22,900 ක් වටිනා මුදල් සහ ජංගම දුරකථනයක් සොරා ගැනීමේ සිද්ධියක්
සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව පල්ලම පොලීසිය කියයි.
තමන් නිවසේ
නොමැති විට රාත්‍රී කාලයේ නිවසට ඇතුළු වී ඇති අයෙක් නිවස තුළ තිබු මුදල්
රුපියල් 20,000 ක් සහ රුපියල් 2900 ක් වටිනා ජංගම දුරකථනයක් සොරා ගෙන ගොස්
ඇති බව පල්ලම - පොත්තුක්කුලම පදිංචි ව්‍යාපාරිකයෙකු වන දීප්ති සිසිර කුමාර
යන අය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.
නිවසේ වහලයේ උළු ඉවත් කර ඇතුළු වී ඇති අයෙක් මෙම සොරකම සිදු කර ඇති බව
මුලික විමර්ශණවලදී හෙලිවී ඇති බව පොලීසිය කියයි. කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන
නැත. පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
0 comments:
Post a Comment